ඊයේ කොටුව දුම්රියපොළ තුළදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූයේ දුම්රිය සේවකයන් පිරිසක් එක්ව සිදුකල විරෝධතාවයක් හේතුවෙනුයි. එම අවස්ථාවේ සිදුවූ විශේෂිතම සිදුවීම වූයේ දුම්රිය මඟියෙකුට පොලීසියෙන් ඔළුව පැලෙන්නට පහරදී ලේ වැගිරෙන විට දුම්රිය ස්ථානයෙන් ඉවතට ඇදගෙන යාමයි.
අදාල සිදුවීම වාර්තා කල මාධ්‍යාවේදීන් පහරදුන්නේ කවුරුන්දැයි අසන විට එම මඟියා දිගින් දිගටම පවසන්නේ පොලීසියෙන් බැටන් පොලු වලින් තමන්ගේ හිස පැලෙන්නට පහරදුන් බවයි. නමුත් ඔහුව දුම්රියපොළෙන් ඉවතට ඇදගෙන යන ගමන් උසස් පොලිස් නිළධාරියෙකු පවසන්නේ “පවු, මේ මනුස්සයාට මිනිස්සු ගහලා” කියාය. වාර්තා වන ආකාරයට මේ පුද්ගලයා රැකියා ස්ථානයේ සිට තම නිවාස බලා යන දුම්රිය මගියෙකි.
කෙසේ වෙතත් අදාල විරෝධතාවය නිසා ඊයේ පස්වරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 10කට අසන්න ප්‍රමාණයක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා. සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට විරෝධය පළ කිරීම සහ ආදේශක, අනියම් සහ තාවකාලික කම්කරුවන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවකයින්ගේ සංගමය පසුගිය 21 දා සිට උපවාසයක් ආරම්භ කර තිබුනා.