මෙන්න කොස්තාපල් මාල කඩන

කොටුව පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු මහනුවර වැව රවුමේ මහමායා බාලිකාව ආසන්නයේදී කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කා පලායමින් සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් නිලධාරයා මෝටර් රථයකින් පැමිණ පෙරේදා (12) පස්වරු 1.00ට පමණ මහමග ගමන් ගනිමින් සිටි කාන්තාවගේ රන්මාලය කඩාගෙන පලායද්දී අදාළ කාන්තාව කෑ ගසා තිබේ. පසුව එම ස්ථානයේ සිටි ත්‍රිරෝද රථ රියැදුරන්පිරිසක් එම මෝටර් රථය ලුහුබැඳ යද්දී එය තවත් මෝටර් රථයක ගැටී ඇත.

මහනුවර රජපිහිල්ල මාවතේදී සිදු වූ මෙම අනතුරින් පසු එම ස්ථානයේ රාජකාරී කැරමින් සිටි මහනුවර රථවාහන පොලිසියේ නිලධාරින් දෙදෙනකු සැකකරු පැදවූ මෝටර් රථයේ ලියකියවිලි පරීක්ෂා කරන අවස්ථාවේ ත්‍රිරෝද රථයෙන් පැමිණි පිරිස එම ස්ථානයට පැමිණ සිද්ධිය පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

එම අවස්ථාවේ සැකකරු තමන් කොල්ල කෑ රන්මාලය බව පවසමින් මාලයක් අදාළ කාන්තාවට ලබාදී තිබෙන අතර එය ඉමිටේෂන් මාලයක් බවත් තමන්ගේ මාලය එය නොවන බවත් කාන්තාව පොලිසියට පවසා ඇත.

සැකකරු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු සිරිමල්වත්ත ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ වී සිටින බවත් පොලිසිය පවසයි. මහනුවර පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...