පන්සල් ඉඩම් අක්‌කර 1000 ක්‌ පැහැරගනී

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ බෞද්ධ විහාරස්‌ථාන සතුව පැවැති ඉඩම් අක්‌කර දාහකට (1000) අධික ප්‍රමාණයක්‌ පසුගිය ආණ්‌ඩුවේ දේශපාලනඥයන් විසින් භික්‍ෂූන් වහන්සේලාට තර්ජනය කොට බලහත්කාරයෙන් අත්පත් කරගෙන සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා තමන්ගේ හිතවතුන් වෙත ලබාදී ඇතැයි ඉඩම් ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා පවසන ලදී.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා භික්‍ෂූන් වහන්සේලාට ආයුධ පෙන්වා තර්ජනය කරලා විහාරස්‌ථාන සතු ඉඩම්වල පදිංචිව සිටි ජනතාවගේ නිවාස ගිනි තියලා තමයි මෙම ඉඩම් අක්‌කර දාහකට අධික ප්‍රමාණය රාජපක්‍ෂ රජය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබෙන්නේ. මේ පිළිබඳව පානම සහ මුල්ලිගොඩ ප්‍රදේශයේ විහාරස්‌ථානවල හිමිවරුන් ඉඩම් අමාත්‍යාංශය වෙත පැමිණිලි කරලා තිබෙනවා. පසුගිය කාලේ මේ රටේ නීතියක්‌ ක්‍රියාත්මක වුණේ නැති හින්දා මේ සියල්ලම යට ගියා. බලෙන් අත්පත් කර ගත් බෞද්ධ විහාරස්‌ථාන සතු ඉඩම්වල මේ වනවිට නිවාඩු නිකේතන විසි දෙකක්‌ ඉදිකරලා තිබෙනවා.

මේ පිළිබඳව අපි විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වා මෙම ඉඩම් නැවත රජයට පවර ගන්නවා. ඒ වගේම බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටින සියලුම දෙනාට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. මේ රටේ නීති දෙකක්‌ නැහැ. රාජපක්‍ෂලා වැරදි කරලා තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරනවා යෑයිද ඇමැතිවරයා පවසයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...