14.3 C
London
Sunday, December 7, 2025
spot_img

ඇමැති දෙන්නගේ කලිසම් ඔලුවෙන් ගලවන්න ළඟදීම අපි එනවා ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියති.‍

“නුදුරේදීම අපි කෑගල්ලේ, මාවනැල්ලට එනවා.ඔය අතාවුද සෙනෙවිරත්නගෙයි,ලලිත් දිසානායකගෙයි,තව කීපදෙනෙකුගෙයි කලිසම් ඔලුවෙන් ගලවන්න තියෙනවා අපිට.මොකද මේ වගේ බහුබුතයෝ පාර්ලිමේන්තු නොඑවිය යුතුයි.” බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත‍්තේ ඥානසාර හිමියො පැවසූහ. කොළඹ දී ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.වැඩිදුරත් ඥානසාර හිමියෝ මෙසේ පැවසූහ.

‘බෞද්ධයෙක් හරි හාමුදුරුනමක් හරි පුරාවස්තු බිමක යමක් ඉදිකළොත් පොලිසියෙන් ඇවිත් කුදලා ගෙන යනවා.සිංහල බෞද්ධයාට නීතිය එක විදිහකටත් මුසල්මානුවට තව විදිහකටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?මේක හෝන්දු මාන්දු වෙච්ච, පාණ්ඩුව හැදිච්ච ආණ්ඩුවක්. නුදුරේදීම අපි කෑගල්ලේ මාවනැල්ලට එනවා.ඔය අතාවුද සෙනෙවිරත්නගෙයි,ලලිත් දිසානායකගෙයි,තව කීපදෙනෙකුගෙයි කලිසම් ඔලුවෙන් ගලවන්න තියෙනවා අපිට.මොකද මේවගේ බහුබුතයෝ පාර්ලිමේන්තු නොඑවිය යුතුයි.’

ඔරුගොඩවත්ත රේගු නිශ්කාෂණ මධ්‍යස්ථානයේදී මාර්තු මාසයේ අත්අඩංගුවට ගත් කිලෝග‍්‍රෑම් 262ක හෙරොයින් තොගයෙහි දැන් ඇත්තේ කිලෝ එකසිය ගණනක් බවත් ඉතිරිවාට කුමක් සිදුවූයේ දැයි කියාත් ඥානසාර හිමියෝ ප්‍රශ්ණ කරති. කුඩු ව්‍යසනය පාසැල් පද්ධතිය පවා වනසන තැනට පැමිණ ඇතැයිද උන්වහන්සේ කීහ.

source-lakbima.lk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles