19.4 C
London
Thursday, June 19, 2025
spot_img

පියා මැරූ පුතා සියදිවි හානි කරගනියි

මත්පැන් හේතුවෙන් අද පොලොන්නරුව, ගනන්ගොල්ල ප්‍රදේශයේදී පියෙකු හා පුතෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. පොලොන්නරුව, ගනන්ගොල්ල පිහිටි මෙම නිවසේ පදිංචිව සිටියේ පියා, මව සහ ඔවුන්ගේ පිරිමි දරුවන් තිදෙනා ය.

ඊයේ දහවල් බීමත්ව පැමිණි පියා මව සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. ඒ මො‍හොතේ නිවසේ සිටි 20 හැවිරිදි බාල දරුවා විසින් පියාට තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර ඇතැයි ‍පොලිසිය පැවසුවේ ය.

ඊයේ පස්වරුවේ එම ස්ථානයට පැමිණි පොලොන්නරුව මහේස්ත්‍රාත් තාරක නුවන් හීනටිගල මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත දේහය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කළේ ය.

ඝාතනය සිදු කිරීමෙන් පසුව අදාළ පුතා ඒ වනවිට නිවසින් පලා‍ ගොස් සිටියේය.
පසුව අනාවරණය වූයේ ඔහුද ඊයේ පස්වරුවේ පොලොන්නරුව වැලිකන්ද දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බව ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles