හෙළ ලක්දෙරණේ ශ්‍රීවිභූතිය කියාපාන පොලොන්නරුව ගල් විහාරය. යුනෙස්කෝ සංවිධානය වර්ෂ 1981 සංරක්ෂණය කර ලෝක උරුමයක් ලෙස නම් කිරිම.

ඹ්නෑම දේශයක දියුණුව, ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්ර-තිහත ධෛර්යයේ ළුලය බ‍ව අමතක නොකල යුතු කරුණක් බව අප සැවොම දනිමු. දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරය‍ට ගෙන දුන් අතීත රඡවරු සහ රැඡිනියෝ අතීතයේ සිය පාලනය ගෙන ගියහ. පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය. ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ස්වකීය ජිවිතය පරදුවට තබා කරා වූ කැපවිමෙනි. කැපවිමේ ධර්මතාවය මත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බිහිවෙති.
එවන් ශ්‍රේෂ්ඨ පාලකයින් අතින් සමෘද්ධිමත් වූ අභිමානවත් පොලොන්නරුව රාජධානිය ගෙවුනු සියවස් ගනණක විශිෂ්ඨත්වය අදටත් එහි යනෙන සැමට දැකබලා ගත හැක.

10338738_10152180061593687_4469814679537313882_n

ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්ර්මණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්රමදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්රජමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්යන පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්රරමබාහු රජු සමත් විය.

ශීර කි ලංකාවේ පැරණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.
අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්යය වරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි.
පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ මුළින්ම සඳහන් වන්නේ පළමුවැනි උපතිස්ස රජු කිරරන ස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැව බැන්දවූ කතාවයි. කිරද‍එස්තු වර්ෂ 633 දී තුන්වැනි අගරයශනබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ. අනුරාධපුර රාජධානිය පැවැති සමයේ ඇතැම් රජවරුන් පොළොන්නරුව සිය වාසය සඳහා තෝරාගත් වංශකථා සාධක වල සඳහන් වේ. ඒ අනුව අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇත.

පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආකරගරයමණය කොට අනුරාධපුරය රාජධානිය වනසා පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්ය් අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් රාජ්යර විචාරනු ලැබූ මහා පරාකරරාජමබාහු රජුගේ පාලන සමයේ ශීරිංහ ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. එකළ රාමඤ්ඤ පුරය, ප`ඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්යමයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි පරආදීමාණයක් මෙම රජතුමා විසින් කරවන ලද ගොඩනැගිළිය.

1619215_10152180061493687_260150271946810719_n

වර්ෂ 1187 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු ලංකාව පුරා විහාරා රාම පරර‍ජතිසංස්කරණය කරමින් සහ අළුතෙන් කරවමින් සෙල්ලිපි රැසක් පිහිටුවා තිබේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
දේශීය රජවරු පහළොස් දෙනෙක් ද ලීලාවතී හා කළ්යානණවතී නැමැති රැජිනියන් ද පාලනය ගෙනගිය පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආකර ක මණයෙන් බිඳවැටේ.නැවත දෙවැනි පරාකරලිසමබාහු මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ රාජාභිෂේකය පවත්වන ලද්දේ පොළොන්නරුවේදීය.
යාපහුවේ රජ පැමිණි තුන්වැනි පරාකර ගතමබාහු රජු දළදා වහන්සේද පොළොන්නරුව දළදා මාළිගයේ තැන්පත් කර කිරිණ ස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රාජ්යම පාලනය ගෙන ගියේය. ඔහු පොළොන්නරුවේ අවසන් රජුය.
ඉන් පසු වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බිර03 තාන්යප සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. නව පොළොන්නරු නගරයක් දැන් තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය අසළ කදුරුවෙළ නැමැති ගමේ මෙම නව පොළොන්නරු නගරය පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.
පොළොන්නරුවේ වෛජයන්ත මාළිගය නමින් හැඳින්වූ පරාකරි ඉමබාහු මාළිගය, නිශ්ශංකමල්ල මාළිගය, පරාකර්නරමබාහු රාජ සභා මණ්ඩපය, නිශ්ශංකමල්ල රාජ සභා ගොඩනැගිල්ලත් පොළොන්නරුවේ රාජ්යඉ පාලනයේ ශීරේ විභූතිය කියාපාන සාධකයෝය.
නගරයෙන් ඈත්ව පිහිටි පොත්ගුල් වෙහෙර ද පොළොන්නරුවේ නටඹුන් අතර සුවිශේෂී වේ. ඒ ආසන්නයේ ඇති පිළිරුව මහා පරාක්‍රමබාහු රජුගේ හෝ පුලතිසි නම් සෘෂි වරයාගේයැයි ද මතයක් තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම චෛත්යදය වූ දෙමළ මහා සෑයද පොළොන්නරුවේ පිහිටුවා ඇත. දළදා මාළිගය, පබළු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර ආදී චෛත්යමයනුත් බද්ධ සීමා පරා, පසාදය, ලකාතිලකය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, ශිව දේවාලය ආදිය පොළොන්නරුවේ ඇති මාහැගි නිර්මාණයෝය. අට දා ගේ, හැට දා ගේ සහ පොළොන්නරුව වටදා ගේ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ විදහා දකවයි.
පොළොන්නරුවේ නටඹුන් වූ ගොඩනැගිලි හා කලා නිර්මාණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒවාට හින්දු බලපෑම විශාල වශයෙන් ලැබී ඇති බවයි. මෙම නටඹුන් අතර හොඳින්ම ආරක්ෂා වී ඇත්තේ දැනට දක්නට ඇති පැරණිතම ඉදිකිරීම වීමද විශේෂයකි. එය සොළීන් විසින් ඉදිකරන ලද ශිව දේවාලයයි. සත් මහල් ප්‍රාසාදය ද පොළොන්නරුවේ ඇති අපූරු නිර්මාණයකි.
මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත පරිසතතිසංස්කරණය කිරීම් කටයුතු ලෝකයේ ඉපැරණි කලාවන්ගේ ශ්රිමවිභුතිය මතු කරගනු වස් ඇප කැපව සිටින යුනෙස්කෝ සංවිධානය 1981 සිට පැරණි පොළොන්නරු පෙදෙස සංරක්ෂණය කිරිමට ක‍ටයුතු කිරිම නිසා එම ශ්රිය විභුතිය වඩාත් ඹපනැංවිය. ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැඹෙන පොළොන්නරු නගරය ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි.
***

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...