-ශ්‍රී ලාංකේය කතෝලික ශාසනයේ ඓතිහාසික සිදුවීමක් සනිටුහන් කරමින් භාග්‍යවත් ජුසේවාස් මුනින්ද්‍රයන් ශුද්ධවරයට එසැවීමේ සුවිශේෂි දිව්‍ය පූජාව අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම මස 14 වැනිදා පෙරවරු 8.30 ට කොළඹ ගාලු මුවදොර පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු ම කටයුතු සූදානම් බව කතෝලික සභාව පවසයි.
අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ මෙම මස 13 වැනිදා පෙරවරු 9.00 ට දිවයිනට සැපත්වන අතර ඒ වෙනුවෙන් කොළඹ නගරයේ සැරසිලිවලින් අලංකාර කරන ලද දැවැන්ත තොරණ් තුනක් දැනටමත් ඉදිවෙමින් පවතී. එම තොරණ් ජපන් මිත්‍රත්ව පාලම, ගාලු මුවදොර පිටිය හා බේස්ලයින් පාර අසල ඉදිවේ. නගර අලංකරණ කටයුතු සඳහා පෞද්ගලික ආයතනවල සහය ලබාගන්නා බව නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසා ඇත.
ශුද්ධෝත්තම පාප් වහන්සේ ලබන 13 සහ 14 දිනවල ගමන් ගන්නා කොළඹ නගරයේ මාර්ගවල සුබපැතුම් පණිවුඩ සහිත කටවුට් ප්‍රදර්ශනය කිරීමට විධිවිධාන යොදා ඇති බව ද ආරංචි මාර්ග පවසයි.
පාප් වහන්සේගේ ශ්‍රි ලංකා සංචාරය සංකේතවත් කරමින් විශේෂ මුද්දර දෙකක්, පත්‍රිකාවක් සහ රුපියල් 500 සමරු කාසි 1500 නිකුත් කිරීමට ශ්‍රි ලංකා රජය සැලසුම් කර ඇති අතර එම සමරු 13 වැනිදා අරලියගහ මන්දිරයේදී පාප් වහන්සේ වෙත පිරිනැමීමට නියමිතව ඇත.
13 වැනිදා රාත්‍රියේ ගාලු මුවදොර පිටියට පැමිණෙන බැතිමතුන්ට එහිදී එදින රාත්‍රි 10 වන තුරු ආගමික කටයුතු වලට සහභාගී වීමට හැකි බව ප්‍රනාන්දු පුල්ලේ පියතුමන් පවසයි. එසේම එහිදී පැවැත්වෙන දේවමෙහෙයට බැතිමතුන් 350,000 ක් පමණ සහභාගී වීමට නියමිතව බව කොළඹ මහනගර සභාව පවසයි.
මෙම බැතිමතුන් සියලුම දෙනා ගාලු මුවදොර පිටියේ එකට රැස්වීමේදී සිදුවිය හැකි තෙරපීම වැළැක්වීම සඳහා එක් ස්ථානයක බැතිමතුන් 1500 කට ඉඩකඩ සැලසෙන පරිදි කොටු වෙන්කිරීමක් මේ වන විට ආරම්භ කර ඇතැයි ද නාගරික කොමසාරිස්වරිය පවසයි.
පාප් වහන්සේ මෙරටට සැපත්වන 13 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට බොරැල්ල දක්වා එන ගමනේදී ජනතාවට උන්වහන්සේට ආචාර කිරීමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා පෙර සූදානමකින් සුදුවතින් පැමිණෙන ලෙස ද ජනතාවට ප්‍රනාන්දු පුල්ලේ පියතුමන් පවසයි.
Check Also
බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)
ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...