පාප්තුමාගේ ලංකා ගමන අවලංගුයි

මේ වසරේ දී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරය සිදුනොවන බව වතිකානු ප‍්‍රකාශක විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය මේ වසරේ සිදු නොවන බව පැවැසුවද ඒ සඳහා දින නියමයක් සිදුකර නැතැයි ද සඳහන් වෙයි.

ඒ වෙනුවට මැයි මාසයේදී හෝලි ¥පත් වෙත ද, ජුලි මාසයේදී බ‍්‍රසීලයටත් පාප් වහන්සේ සංචාරයට නියමිත බව වතිකානු ප‍්‍රකාශක ෆෙඞ්රිකෝ ලොම්බාර්ඩි පියතුමා ප‍්‍රකාශ කර තිබේ.

ලබන අගෝස්තු මාසයේ දී දකුණු කොරියානු සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවට ද එම ප‍්‍රකාශය මගින් සඳහන් කර ඇත.

Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...