පොසොන් සිරියෙන් රටම නැහැවෙයි

පොසොන් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ආවේ අද වැනි පොහෝ දිනකය.

ධර්මාශෝක රජතුමාගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජු දවස මිහිදු මහරහතන් වහන්සේ මීට වසර 2251ට පෙර මිහින්තලයට වැඩමකරනු ලැබුණි.

මිහින්තලයට පැමිණි මිහිදු මහරහතන් වහන්සේ විසින් “චුල්ලහත්තිපදෝපම සුත්‍රය“ දේශනා කරමින් මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම සිදුකරනු ලැබුවේ අද වැනි පොහෝදිනක වීම විශේෂත්වයකි.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් මෙරට බෞද්ධ සැදැහැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබාදෙමින් අද දිනය පුරා ආගමික වතාවත්වල නිරතවෙයි.

අනුරාධපුරයේ වන්දනාමාන සිදුකරන සැදැහැවතුන් සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බස් රථ දහසක් පමණ යොදවා ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද විශේෂ දුම්රිය කිහිපයක් යොදවා ඇති බව වාර්තාවෙයි.

ඊට අමතරව අනුරාධපුරය සහ මිහින්තලය අතර නොමිලේ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කර තිබේ.

අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා සඳහන් කකර සිටියේය.
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේ දන්සැල් 9000ක් පමණ මෙවර ලියාපදිංචි වී ඇති බවයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...