Wednesday , 22 January 2025

රේස් දුවන බඩදරු අම්මා

මාස 8ක දරු ගැබක් සමග මීටර් 800 ධාවන තරගයක් සාර්ථකව නිම කළ ධාවන ශූරියක් ගැන ඇමරිකාවෙන් වාර්තා වෙයි.
කැලිෆෝනියා සරසවියේ ධාවන ශූරියක්ව සිටි ඇය මේ වන විට 28 හැවිරිදි වියේ පසුවෙයි.අලීසියා මොන්ටානෝ නම් වන ඇය ඔලිම්පික් ශූරියක් ද වෙයි.

සිය ප‍්‍රථම දරුවා ලැබීමට නියමිතව සිටින ඇය පසුගියදා ඇමරිකාවේ පැවති ධාවන තරගයකට එක්ව ඇති අතර එම තරගය සාර්ථකව නිමකර තිබේ.

ගැබිණි සමයේ ධාවනයේ නිරත වීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු අපහසුවක් නොදැනුන බවත් ධාවනයේ නිරත වීම සියලූ‍ ක‍්‍රියාවලියට යහපත් යැයි තමන් සිතන්නේ යැයි ඇය කියා තිබේ.

පස් වතාවක්ම මීටර් 800 න් ජාතික ශූරිය වී ඇති මෙම තරුණියට තරගය නිම කිරීම සදහා පේ‍්‍රක්ෂකයින්ගේ උණුසුම් ප‍්‍රතිචාර ලැබුණ බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

USATF Outdoor Championships

 

Check Also

ඡන්දෙට එනවාද? නැද්ද? – මෙන්න සංගා ගේ උත්තරේ

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් ...

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද ...