මඩ ගැසීම මගේ පිළිවෙත නොවන බව ජනපති කියයි..
හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්වැටි සමාගම්කරුගෙන් මුදල් ලබාගෙන පසුව ස්තුති කොට ලිපියක් යොමුකර තිඛෙන බවද ඒ සම්බන්ධයෙන් වන වාර්තා තමා සතු බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසු බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.
එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බදුල්ල, හාලිඇල දී ඊයේ (21) පැවැති දිවිනැගුම ජනහමුව අමතමිනි. ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය පියවර ගත් බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, බස්රථවල දුම් පානය, ප්‍රසිද්ධ ස්ථානවල අලෙවිය, වයස අවුරුදු 21 ට අඩු අය සඳහා දුම්වැටි අලෙවිය නවතා දමන්නට පියවර ගත් බවද හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පැමිණ සිගරට් පැකැට්ටුවේ සියයට 80ක රූපමය අවවාදයක් ඇතුළත් කළයුතු බවට නියෝග කළ බවද ප්‍රකාශ කළේය.
විෂයභාර ඇමැතිවරයාට එවැනි නියෝගයක් කිරීමේ හැකියාව තිඛෙන බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා එවැනි නියෝගයක් ලබාදුන්න ද උසාවි යාමේ හැකියාව ඒ ඒ සමාගම් සඳහා තිඛෙන බවද ඒ හේතුවෙන් සමාගමක් විසින් නඩු පැවරූ බවද සිහිපත් කළේය.
පෞද්ගලිකව තමාගේ විරුද්ධවාදියාට වුවද විරුද්ධව චෝදනා කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම රැස්වීමේදී අවධාරණය කර ඇත.
වීදුරු නිවාසවල සිට ගල් නොගසන ලෙස එවැනි විරුද්ධවාදීන්ගෙන් ඉල්ලීමක් කරන ඒ මහතා, සත්‍යය වසන් නොකළ යුතු බවද කිසියම් හොඳ ක්‍රියාවක් සිදුකරන පුද්ගලයෙකුට එහි ගෞරවය හිමිවුය යුතු බවද පවසයි.