19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය.
ලබන 20 වැනිදා එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනපති කීවේය. විධායක ජනපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කරන බව සිරිසේන මහතා පසුගිය ජනපතිවරණයේදී ප්‍රකාශ කළේය.
තමා යළිත් ජනපති ධූරයට තරඟ නොකරන බවත් ධූර කාලයද වසර 6 සිට වසරකින් අඩුකළ බවත් ජනපති සිය ධූරය බාරගනිමින් ජාතිය අමතා ප්‍රකාශ කළේය.
පොළොන්නරුව විද්‍යාපීඨ ගුරුවරුන්ගේ ක්‍රීඩා තරඟයකදී ජනපති මේ අදහස් දැක්වීය. ජනපති ප්‍රකාශ කළේ දැනට පවත්නා අවුල් වියවුල් සහගත වටපිටාව පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව නැතිවී යන බවයි. මැතිවරණයෙන් අලුත් රජයක් පත්වූ පසු අද තිබෙන තත්ත්වය නැතිවී යාවි. යනුවෙන්ද ජනපති කීවේය.