ජනාධිපති ආරක්ෂක අංශයෙන් හමුදාව ඉවත් කරයි

ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර සිටි හමුදා පිරිස් ඉවත් කරනු ලැබ ඇතැයි යුද හමුදා බ්‍රිගේඩියර් ජී වී රවිප්‍රිය මහතා පවසයි.

යුද හමුදා මූලස්ථානයේ උපදෙස් මත ඔවුන් මුලින් සිටි හමුදා ඒකක වෙත මුදා හැර තිබේ.හමුදාවේ 1200 ක් ජනාධිපති ආරක්ෂක අංශයේ සිටියහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි අට වැනි දා ජනපති වීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි ප්‍රමාණය බෙහෙවින් අඩු කළේය.මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමයේ යුද හමුදාව ද බහුල වශයෙන් ජනාධිපති ආරක්ෂක අංශයට යොදා ගනිමින් 3000කටත් වැඩි පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර ගනු ලැබ සිටියහ.

ජනාධිපති සිරිසේන මහතා අඟුනකොලපැලැස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකට සහභාගී වෙමින් සිටිය දී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගිය බව කියන හමුදා කෝප්‍රල්වරයෙක් අවියක් සමඟ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

ඔහු ජනාධිපති ආරක්ෂක අංශයට බාර දුන් නමුත් මුදා හැර තිබිණි.මාධ්‍ය මගින් මේ පුවත වාර්තා වීමත් සමග රහස් පොලිසිය පරීක්ෂණ අරඹා එම කෝප්‍රල් රිමාන්ඩ් කරනු ලැබීය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...