විධායක ජනාධිපති ක්‍රමයේ නරක සහ වංචා දූෂණ ඇතැමුන්ට පෙනෙන්නේ රජයෙන් ඉවත්වීමෙන් පසුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරියේ දි ජනාධිපතිවරණයක් නොතිබුණේ නම් එම පිරිස් වලට විධායක ජනාධිපති ක්‍රමයේ අඩුපාඩු නොපෙනෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එවැනි අවස්ථාවාදි පිරිසගේ මෙම අරමුණ පරාජයට පත් කිරිමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධීපතිවරයා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නාවුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්ය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ අසත්‍ය චෝදනා වලින් රටක ගමන ආපසු හැරවිය නොහැකි බවයි.