-පොළොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේ ගරාජයක් අසලදී අද සවස හතට පමණ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ල වී දරුණු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි. සිරිසේන මහතා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර විශේෂිත ගුවන් යානයකින් අද උදෑසන කොළඹ ජාතික රෝහලට මාරු කැර යැවීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වෛද්‍යවරු විසින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) තියුණු ආයුධයකින් පහර දුන්නැයි සැකපිට ඔහුගේ මිතුරකු බව කියන ලක්මාල් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියදී අද (26) රාත්‍රී 9 ට පමණ ඔහු බකමූණ පොලිසියට බාරවිය.