හෙරොයින් චෝදනාවට නම ගෑවුණු අගමැති ලේකම් ඉල්ලා අස්වේ

ග‍්‍රීස් ටින් යයි පවසා පසුගියදා ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලදුව රේගුව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කන්ටේනරය නිදහස් කරන ලෙස ඉල්ලා බලපෑම් කල අගමැති කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියා ඉල්ලා අස් වී තිබේ.

බෞද්ධ ශාසන අමාත්‍යංශයේ සම්බ්නධිකරණ නිලධාරියෙකු වන කිර්ති ශ්‍රී වීරසිංහ නමැති අය පසුගිය 09 වනදා සිය ඉල්ලා අස්වීම බාර දී ඇති බව පවසමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ගම්පොළ නාගරික මන්ත්‍රීවරයකු වන තරංග විට්ටච්චි මහතා, මෙම ව්‍යාපාරිකයින් හඳුනන බවත්, නානකාමර උපාංග හා ලිහිසි තෙල් සහිත කන්ටේනරයක් ආනයනය කර ඇති බවත්, එය මුදාගැනීමට නොහැකිව මාස 2 ½ ක පමණ කාලයක ප්‍රමාද ගුදම් ගාස්තු (Demurrage) ගෙවීමට සිදුව ඇති බවත්, එසේ වුවහොත් භාණ්ඩවල වටිනාකමට වඩා ප්‍රමාද ගුදම් ගාස්තු ගෙවීමට සිදුවන බැවින්, ඒ සඳහා සහනයක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව, මා විසින් එම ප්‍රමාද ගුදම් ගාස්තු ගෙවීමට ඇති තැ.පෙ. 141, කොළඹ වරාය, කොළඹ ලිපිනයැති “සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පෞද්ගලික සමාගමට” ලිපියක්, ඉහත නාගරික මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පරිදි යවන ලදී.

මෙම ආනයන කටයුත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට කිසිදු අයුරකින් බලපෑමක් මා විසින් කර නොමැති බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මා කැලණිය විශ්වවිද්‍යායාලයේ වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අතර, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය ඇතුළු රජයේ හා පෞද්ගලික ආයතනවල ඉහළ තනතුරු රාශියක් දරා ඇත. තවද ජාතික හා අන්තර්ජාතික ලෙස මම රට වෙනුවෙන් කරන ලද සේවයන් ඉතා ඉහළ මට්ටමේ බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

වගකීම් සහිත තනතුරු රැසක් හොබවා ඇති මම ඉහත ලිපිය අදාළ ආයතනය වෙත යොමු කරන ලද්දේ ඉතාමත් සද්භාවයෙනි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරන ලද චෝදනාවලට මමත්, අග්‍රාමාත්‍ය කාර්යාලයත් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි.

නීතියට එරෙහිව කිසිදු කටයුත්තක් කිරීමට හෝ අනුබලයක් දීමට කිසිදු උවමනාවක් මට නොමැත.සිද්ධිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා පොලීසිය හා අදාළ අංශ විසින් කරනු ලබන පරීක්ෂණය අනුවසත්‍ය හෙළිදරව් වනු ඇතැයි තරයේ විශ්වාස කරමි.

ශ්‍රී ලංකා පොලීසියට හා අදාළ අංශයන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට, මගෙන් ඉටුවිය යුතු කාර්යභාරය, ඕනෑම අවස්ථාවක ඉතා සද්භාවයෙන් මම ඉටු කරමි.

දැනට කරගෙන යනු ලබන්නා වූ පරීක්ෂණ වඩාත් පහසුවනු පිණිසත්, ගරුඅග්‍රාමාත්‍ය තුමා සහ අග්‍රාමාත්‍ය කාර්යාලය මෙම චෝදනා නිසා අපහසුතාවයට පත් නොවීම පිණිසත්, මවිසින් දැනට දරනු ලබන සම්බන්ධීකරණ ලේකම් තනතුරින්,පරීක්ෂණ අවසන් වන තෙක් ඉල්ලා අස්වී නියම රාජ්‍ය සේවකයකුගේ හා සිවිල් පුරවැසියකුගේ යුතුකම සහ වගකීම මෙරට ජනතාවට ඉටු කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි.

කීර්ති ශ්‍රී වීරසිංහ
2013.12.11

ඉල්ලා අස්වීම දන්වමින් අගමැති දි.මු. ජයරත්න මහතා වෙත යොමු කර ඇති ලිපිය

GA59 Industrial Area,
Ampara.
9th December 2013.

Hon. D.M Jayaratne,
Prime Minister and Minister of
Buddha Sasana & Religious Affairs.

Hon. Sir,

Resignation from the Post of Coordinating Secretary to the Hon. Minister of Buddha Sasana & Religious Affairs

Please accept my resignation from the Post of Coordinating Secretary to the Hon. Minister of Buddha Sasana and Religious Affairs with effect from 9th December 2013.

Furthermore, I wish to inform you clearly, that I have no connection whatsoever with the alleged incident levelled against me by the media during the past few weeks. I, as a Government servant, have discharged my duties for the benefit and welfare of the State.

I wish to state that I served in the above position with honour and respect and to the best of my know1edg and ability.

I thank you for your advice and assistance extended to me during the tenure of my service.

Thanking You,
Yours faithfully,

Keerthi Sri Weerasinghe.

source-lankacnews.com

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...