13.1 C
London
Friday, November 14, 2025
spot_img

අගමැති එන හින්දා කොත නිරාවරණයට සඟ රුවන නෑ

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති නිවිතිගල, කොලොම්බුගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ අලුතෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය එම ප්‍රදේශයේ විහාරස්ථානවල සියයට 99ක් පමණ භික්‍ෂුන් වහන්සේ උත්සවයට වැඩම නොකර අගමැතිවරයාට විරෝධය දක්වා තිබේ.
ඒ සම්බන්ධයෙන් “මව්බිම”ට අදහස් දැක්වූ නිවිතිගල ‍ෙදාළොස්වල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති නිවිතිගල විපස්සි හිමියන් සඳහන් කළේ පසුගියදා පූජ්‍ය ඹ්මල්පේ සෝභිත හිමියන්ට “චීවරධාරියා” යන්න සඳහන් කරමින් කරන ලද අපහාසයට විරෝධය දැක්වීම සඳහා අගමැතිවරයා පැමිණෙන මෙම උත්සවයට යෑම වර්ජනය කොට විරෝධය දැක්වූ බවයි.

කොත්වහන්සේ නිරාවරණය කිරීමට නියමිත උත්සව අවස්ථාවට එදින උදයේ තමන්වහන්සේ සහභාගි වුවද සවස පැවැත්වූ කොත නිරාවරණය කරන උත්සවය වර්ජනය කළේ අගමැතිවරයා එන නිසා බවද විපස්සි හිමියෝ පැවැසූහ.

අගමැතිවරයා මේ උත්සවයට පැමිණ කොත් වහන්සේ නිරාවරණය කරන බවට පෝස්ටර් ගසා විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණත් එදින සවස 3.00ට පමණ උත්සවයට සහභාගි නොවන බව දැනුම් දී ඇතැයි දැනගන්නට ලැබුණ බවද උන්වහන්සේ සඳහන් කළහ.

එසේ සිදුව ඇත්තේ ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේ උත්සවය වර්ජනය කිරීමට ගත් පියවර නිසා බවද වාර්තා වේ. ජාතික ශාසනික සේවයක් ඉටුකරන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට ආගමික කටයුතු ඇමැතිවරයා වශයෙන් සිටින අග්‍රාමාත්‍යවරයා එවැනි පහත් ප්‍රකාශයක් කිරීම පිළිබඳව සංඝ විරෝධය පැනනැඟී ඇති බවද විපස්සී හිමියෝ පැවැසූහ.

බුද්ධ ශාසන අමාත්‍යංශය එවැනි පුද්ගලයකුගෙන් ඉවත් කර වෙනත් සුදුසු ඇමැතිවරයකුට පවරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බවද විපස්සී හිමියෝ සඳහන් කළහ.

ප්‍රේමලාල් විජේරත්න
mawbima

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles