බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු කෙන්සින්ටන් මාළිගයේ පැවැති උත්සවයකදී පැමිණ සිටි අමුත්තන් පුදුමයට පත් කරමින් ගීත ගායනයක යෙදුණේය. ඇමෙරිකාවේ ජනප්‍රිය ගායක යුවළක් වන ජොන් බොන් සහ ටේලර් ස්විෆ්ට් සමග විලියම් කුමරු මේ ගායනය ඉදිරිපත් කර ඇත.
1980 දශකයේ ජනප්‍රිය වූ බොන් ජොවිගේ Livin’ On a Prayer ගීතය ගායනයට විලියම් කුමරු මෙලෙස ඉදිරිපත් වූයේ නිවාස අහිමි පුද්ගලයන්ට නිවාස ලබාදීම සඳහා පැවැති සෙන්ටපොයින්ට් සුබසාධන සංගමයේ උත්සව අවස්ථාවකදීය.
සෙන්ටපොයින්ට් සුබසාධක සංගමය සමග විලියම් කුමරුට දීර්ඝකාලීන සබඳකමක් ඇත. මව වන ඩයනා කුමරිය සමග විලියම් කුමරු ළමාවියේ සිටම සෙන්ටපොයිට් නේවාසිකාගාරවල සංචාරයේ යෙදී ඇත. 2005 වසරේ සිට එහි අනුශාසක වන්නේද විලියම් කුමරුය.
(බි.බි.සී.)