-ඉරිදා දිනවල සහ පසළොස්වක දිනවල පෞද්ගලික පන්ති නොපවත්වන්න ලෙස ඉල්ලමින් ගල්ගමුව ශාසනාරක්ෂ බල මණ්ඩලයේ හිමිවරුද දහම්පාසල් සිසුහුද මව්පියෝද අද (01) උදය වරුවේ ගල්ගමුව පාදේණිය මාර්ගයේදී උද්ඝෝෂණයක් අරඹන ලදී. ඒහිදී බුද්ධ ශාසන ඇමැතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා වන සංදේශයකට අත්සන්ද ගනු ලැබීය.
