ජනාධිපති සොහොයුරු අවසන් කටයුතු හෙට

-ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මියගිය බාල සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (30දා) සඳුදා සවස තුනට පොලොන්නරුව පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ. දේහය පොලොන්නරුව ඇතුමල්පිටිය නිවසේ තැන්පත් කර ඇත. වයස අවුරුදු 43 වියෙහි පසුවූ ඒ මහතා ඉකුත් විසි හය වනදා තම මිතුරෙකු සමග ඇති කර ගත් ආරවුලක් දුර දිග යෑම හේතුවකින් ඇතිවූ පහර දීමකින් මිය යන ලදී.

1972 වසරේ දෙසැම්බර් දොලොස්වෙනි දින පොලොන්නරුවේ උපත ලැබු පී.ජී ප්‍රියන්ත සිරිසේන මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයා වෙයි. ඔහු තිදරු පියෙක් වන අතර ,පොළොන්නරුවේ වැලි රාජු නමින් ප්‍රසිද්ධ ප්‍රියන්ත සිරිසේන මහතා ප්‍රබල ව්‍යාපාරිකයෙකු මෙන්ම ධානපතියෙකු මෙන්ම සමජසේවකයෙකු ලෙසද ප්‍රසිද්ධ වේ.

දහසක් සෝ සුසුම් මැද ජනපති සොහොයුරුගේ දේහය නිවසට

Posted by News Album on Saturday, March 28, 2015

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...