ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිවලට එකඟ වන ඕනෑම බලවේගයක් සමඟ ඉදිරියට යෑමට තම පක්‍ෂය සූදානම් බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමඟ තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත්, මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ සන්ධානයේ සියලු පක්‍ෂ එකඟ වූ මහින්ද චින්තන ඉදිරි දැක්ම නොව එක්සත් ජාතික පක්‍ෂයේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන බවත් සඳහන් කළ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ඉදිරි මාස හය ඇතුළත ජනතාව අතර සංවාදයක් ගොඩනැඟීමට කටයුතු කරන බවද පැවැසීය.
2005දී රට අවදි ලක්‍ෂ්‍යයකට පැමිණි බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායක ධුරයට පත්වූයේ ජනතාව එම අවදි ලක්‍ෂ්‍යයේ සිට තීරණ ගත් නිසා බවත් පෙන්වාදුන් ඇමැතිවරයා දැන් රට නැවතත් එම අවධි ලක්‍ෂ්‍යයට පැමිණ ඇතැයිද අවධාරණය කෙළේය.