17.1 C
London
Thursday, November 13, 2025
spot_img

තහනම් භාණ්ඩ තොගයක් මිරිහානින්(Video)

පසුගිය ජනපතිවරණ සමයේ පාවිච්චියට ගැනීම සඳහා ගබඩා කර තබන ලද තහනම් භාණ්ඩ තොගයක් මිරිහාන ජුබිලි කනුව අසල මහල් ගොඩනැගිල්ලක තිබී හමුවි ඇත. මෙම බඩු තොගය කන්ටේනරයකින් රැගෙන යෑමට සූදානම් වන බව කියමින් අවට වැසියන් පොලිසියට කළ දැන්වීමක් අනුව පොලිසිය එහි ගිය බව මිරිහාන පොලිසිය පවසයි.

අලුත්ම බෆල් පෙට්ටි පිටින් ම එහි තිබූ බවත්, එය කන්ටේනරයට පටවන ලෙස දෙදෙනකු පැවසූ බවත්, එහෙත් ඒවා කොතැනට ගෙනියන්නේදැයි නොදන්නා බවත් කන්ටේනර් රථයේ රියදුරා පොලිසියට පැවසුවා ය. මේ පිළිබදව දැන ගත් විගස ජාතික හෙළ උරුමයේ ලේකම් අතුරලියේ රතන හිමි, මුදල් ඇමැති රවී කරුණානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක යන මහත්වරු ද එම ස්ථානයට පැමිණ ඇත.

ඔවුන් පැවසුවේ මෙම ගොඩනැගිල්ලේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු සිටි බවයි. ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ ද, මහින්ද රජපක්ෂ ජනපතිගේ රුව සහිත සීඩී තැඩි තොගයක් ද එහි තිබූ බව ආරංචි මාර්ග සදහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් පවසනුයේ එම භාණ්ඩ කාගේද, ලැබුණේ කොහෙන් ද යන්න තවමත් නිශ්චිත පිළිතුක් දීමට කෙනෙකු ඉදිරිපත් නොවුණු බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles