ඡන්දෙ හොර වැඩ එපා – ලන්ඩන් ලාංකිකයෝ උද්ඝෝෂණයක්

0
158

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සාධාරණ ඡන්දයක් පවත්වන්නැයි බලකරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් උද්ඝෝෂණයක් කළහ.
‘එක්සත් රාජධානියේ මෛත්‍රීට සහාය‘ නම් කණ්ඩායම මෙය සංවිධානය කර තිබුණි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ පොලිස්පති වෙත සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින සංදේශයක් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ලබාදුන්හ.
මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කෙරුණ ලිපියෙන් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය කිසිදු වංචාවකින් හෝ දුෂණයකින් තොරව පවත්වන ලෙසට ඉල්ලා සිටින බව බුද්ධි වීරසිංහ පැවසීය.
එම ලිපියේ පිටපත් පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා වෙත සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙතද යැවෙන බව ඔහු පැවසුවේය.

DSC_1303

DSC_1319

DSC_1336

Lankadeepa