ලෝක කුසලානට සහභාගි වන ශ්‍රී ලංකා පිලට මනෝවිද්‍යාඥ ජෙරම් ස්නේප් මහතාගේ සහය.

-ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික වර්ධනය පිළිබඳව මනෝවිද්‍යාඥයකු වන ජෙරම් ස්නේප් මහතාගේ සේවය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ, මානසික තත්ත්වය දියුණු කිරීමේ අරමුණින් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එසේම ස්නේප් මහතා පෙබරවාරි මස 24 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා දින 14ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තනි පුද්ගල දස්කම් වර්ධනය කිරීමට මෙන්ම ලෝක කුසලානය සඳහා උපර්ම දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එම මනෝ විද්‍යාඥයාගේ සහය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නා දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර ශ්‍රී ලංකා පිල ජය ලැබූ එංගලන්ත සංචාරයේදී ද ශ්‍රි ලංකා පිලට ඒ මහතාගේ සහය ලබා ගන්නා ලදී.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...