පුන්කුඩුතිව් මහ විද්‍යාලයේ සිසුවියක වන ශිවලෝගනාදන් වින්ත්‍යාව දූෂණය කර, ඝාතනය කළ චෝදනාව මත පුන්කුඩුතිව්හි එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකුව අත් අඩංගුවට ගෙන ඇත.
පුන්කුඩුතිව් 09 වන කොටසේ පදිංචි රවි හෙවත් 40 හැවරිදි පුබාලසිංහම් රත්නකුමාර්, සෙන්දිල් හෙවත් 34 හැවරිදි පුබාලසිංහම් ජෙයකුමාර්, සින්නාම්බි හෙවත් 32 හැවරිදි පුබාලසිංහම් තවකුමාර් යන තිදෙනාව අත් අඩංගුවට ගෙන ඇත.
සහෝදරයින් වන මොවුන් තිදෙනා එක්ව මෙම තරුණියව පැහැර ගෙන ගොස් දූෂණය කිරීමෙන් පසු, ඝාතනය කර ඇති බව පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත යාපනය ශික්‍ෂණ රෝහලේ පැවැත්වූ මරණ පරීක්‍ෂණයේදී, මුවට රෙදිකඩක් එබීමෙන් හුස්ම සිරවීම, හිස ගලක වැදීම හේතුවෙන් මොලයට ලේ ගලායාම, දූෂණය කිරීම යන හේතු මත සිසුවිය මරණයට පත්වී ඇති බවත් අනාවරණය විය . සිසුවියගේ ශරීර කොටස් පරීක‍්ෂණ කටයුතු සඳහා කොළඹට යවා ඇත.
ඝාතනයට ලක්වූ සිසුවියගේ මෘත දේහය ඊයේ පුන්කුඩුතිව් මහ විද්‍යාලයේ මහජන ගෞරවයට තැබීමෙන් පසු පොදු සුසාන භුමියේ භුමදාන කළේය .
මියගිය සිසුවියට පාසැල් සිසුවියන්, ගුරුවරුන්, මහජන නියෝජිතයින් ගෞරවය දැක්වීය . මෙම ඝාතනයට විරෝධය දක්වා ඊයේ දූපත් ප්‍රදේශ වල පෞද්ගලික සහ ලංගම ගමනාගමන සේවා නතර කල අතර . යාපනය විශ්ව විද්‍යාලයේ ගුරු සංගමය සහ සිසු සංගමය එක්ව විරෝධතාවයක් පවත්වා ඇත. සිසුන් සහ කථිකාචාර්යවරු බොහෝ දෙනෙකු වර්ෂාව නොතකා සහභාගි වී තම විරෝධය දැක්වීය