19.4 C
London
Thursday, June 19, 2025
spot_img

නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි

පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් හැවිරිදි පුතුට මන්නා පිහියකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කලැයි දරුවාගේ පියා නවගත්තේගම, තරනගස්වැව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකි. මොහු තම බිරිද සමග කලක පටන් තිබූ පවුල් ආරවුලකට පලි ගැනීමක් ලෙස ඔහුගේ දොළොස් හැවිරිදි පුතුට මන්නා පිහියකින් පහර දී තුවාල සිදු කර ඇති බව පොලිසිය කියයි.

පියාගේ මන්නා පිහි පහරින් බරපතල ලෙස හිසට තුවාල සිදු වූ දොළොස් හැවිරිදි දරුවා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

දරුවාගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශය මග හැර සැගවී සිටි සැකකාර පියා නවගත්තේගම පොලිසියේ පොලිස් කණ්ඩායමක් විසින් (2) වන දින අත්අඩංගුවට ගෙන තිබූ අතර, අත් අඩංගුවට ගත් සැකකාර පියා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පුත්තලම කොට්ඨාශ භාර නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෙනරත් පද්මලාල් සදුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත, නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක සුසිල් පියසිරි, පොලිස් සැරයන් (19037) ප්‍රේමතිලක, පොලිස් කොස්තාපල් (45581) නන්දසිරි යන නිළධාරින් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles