දැරියක් දුෂකයෙකුගෙන් බේරා ගත් හැටි (ඡායාරූප සහිතයි)

පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සය හැවිරිදි දැරියක් පුද්ගලයකු විසින් ඊයේ (01) පැහැරගෙන ගොස් කැලෑවක ස`ගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශ නිලධාරීන් හා ගම්වාසීන් එක්ව පැය දෙකකට ආසන්න කාලයක මෙහෙයුමකින් පසු දැරිය බේරා ගැනීමට හැකිව තිබේ.

සැකකාර පුද්ගලයා ද කැලෑවක සැගව සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි.

මීට පෙර දිනවල දී අදාළ දැරිය පාසල නිමා වී තම සොහොයුරා සමග කුලී ත්‍රිරෝද රථයකින් නිවස බලා යන බවත්, ඊයේ දින කෙසේ හෝ අදාළ දැරියට පාසල අවසන් වී නිවස වෙත යාමට ත්‍රිරෝද රථය පැමිණ නැති හේතුවෙන් මෙම දැරිය පාසල අසල රැ`දී සිටිය දී මෙම සැකකාර පුද්ගලයා අදාළ දැරියව උපක්‍රමශීලිව මුළාකරමින් මුසාබස් පවසා පයින් රැගෙන යමින් සිටිය දී අසල නිවසක සිටි පිරිසක් විසින් දැරිය රැගෙන යන පුද්ගලයා සම්බන්ධයෙන් සැකයක් පහළ වී එ් බව ගම්මුන්ට දන්වා තිබූ බව කියයි.

ඉන් පසු ගම්මුන් එක්ව මෙම දැරිය රැගෙන ගොස් ඇති සැකකාර පුද්ගලයා කවුරුන්ද යන්න සොයා බැලීමට එම ප්‍රදේශයට ගමන් කරමින් සිටිය දී සැකකරු තිල්අඩිය වේලක්කන්නි දේව මෑණියන්ගේ පල්ලියට යාබදව ඇති සොහොන අසල ඝන කැලෑව දෙසට රැගෙන ගොස් ඇති බව සොයා ගෙන තිබුණි. පසුව මෙම සැකකරු දැරිය කැලෑ මාර්ගයක් ඔස්සේ ජනතාව මග හරිමින් කලපුව ආසන්නයේ පිහිටි කැලෑවට රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම ප්‍රදේශවාසීන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශ නිලධාරීන් සමග දැරිය සෙවීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණි.

මෙහෙයුම ආරම්භ කර පැය දෙකකට පමණ පසු අදාළ දැරිය කැලෑවෙන් එළියට පැමිණ විලාප දෙන ආකාරය ඇසී ප්‍රදේශවාසීන් ඒ දෙසට ගමන් කරන්නට වූ අතර, කැලෑවේ සිටි දැරිය හඬමින් ජනතාව දෙසට දිව එනවාත් සමග දැරියගේ පියා විසින් දැරිය ඔසවාගෙන ජනතාව වෙත රැගෙන ඒම සිදු වූයේ එම අවස්ථාව වන විටත් රැස්ව සිටි 2000ට ආසන්න ජනතාවකගේ හදවත්වලට සැනසුමක් එක්කරමිනි.

paharaganeema-640x400පොලිසිය හා ගම්වාසීන් විසින් සැකකරු රැගෙන එන අයුරු

පසුව මෙම දැරියගේ මව සමග පොලිස් ස්ථානය වෙත යැවීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් නැවත ජනතාව සමග සැකකරු සොයා මෙහෙයුම ආරම්භ කළ අතර, දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර පුද්ගලයා ප්‍රදේශවාසීන් හා පොලිසිය විසින් සොයා ගැණුන නමුත් මෙම සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට නැවතත් පැයකට ආසන්න කාලයක් ගත වූයේ රැස්ව සිටි පිරිස මෙම සැකකරු පොලිසියට රැගෙන යාමට ඉඩ නොදෙමින් කලහකාරී ලෙස හැසිරෙමින් දැඩි ලෙස ඔහුට පහර දීම හේතුවෙනි.

මේ නිසා පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානය අසල සිට දුම්රිය හරස් මාර්ගය දක්වා දැඩි වාහන තදබදයක් ඇතිව තිබූ අතර, ජනතාව 2000ට ආසන්න ප්‍රමාණයක් රැස්ව සිටි ආකාරය දැක ගත හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම කල්පිටිය පාර පාලවිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහුට කළ පහරදීමෙන් ලද තුවාල හේතුවෙන් පුත්තලම රෝහලේ පොලිස් ආරක්ෂාව මත ප්‍රතිකාර ලබයි. ඔහු 2008 වසරේ දී දැරියක් ලිංගික අපහරණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද 2009 දී ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන්ද අධිකරණයෙන් වරදකරුවී දඬුවම් ලැබූ පුද්ගලයෙකි.

මෙම සැකකරු රෝහල් ගත කර සිටියදීම පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් වරයා පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...