රාජපක්ෂගම හොල්මන් ගැන ඇත්ත ‍එළියට

තඹුත්තේගම රාජපක්‍ෂගම ප්‍රදේශයේ පැතිර යන අද්භූත මනුෂ්‍ය රූප දිස්‌වීමේ සිද්ධිය මානසික රෝගයක්‌ බව අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී. එන්. විද්‍යාකුලපති මහතා පැවැසීය.

එම ගම්වාසීන් කීප දෙනකු මීට දින කීපයක සිට ගම්මානය පුරා අමනුෂ්‍ය රූප දර්ශනය වන බව පවසමින් දැඩි භීතියට පත්ව සිටි අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඒ මහතා එහි ගිය අවස්‌ථාවේ මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අමනුෂ්‍ය රූප දැකීමෙන් භීතියට පත්ව සිටි බව කියන කීප දෙනකු මුණගැසී පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ගම්වාසීන් බියට පත්වූයේ යෑයි කියන ස්‌ථානයද මනෝ විද්‍යාඥ පී. එන්. විද්‍යාකුලපති මහතා විසින් නිරීක්‍ෂණය කරනු ලැබීය.

ඔහු විසින් රාජපක්‍ෂගම ගම්මානයේ පොදු සුසාන භූමියද නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව එම ගම්මානයේ අද්භූත සිදුවීම් කිසිවක්‌ සිදුවී නොමැති බවත් එය මාස්‌ හිස්‌ටීරියා තත්ත්වයක්‌ බවත් ප්‍රකාශ කරන ලදි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ රාජපක්‍ෂගම ගම්මානය වෙත ගොස්‌ අමනුෂ්‍ය බලවේග හේතුවෙන් පීඩා විඳින ජනතාව හමුවී සාකච්ඡා කිරීමෙන් පසු පැවැසුවේ එම ගම්මානයේ කිසිම භූත බලවේගයක්‌ නොමැති බවයි.

එම ගම්වැසියන්ගේ ජීවන රටාවේ යම් යම් ගැටලු හේතුකොට ගෙන ජනතාව අතර මානසික ප්‍රශ්න පවතින බවත් උන්වහන්සේ කීහ.

මෙවැනි ප්‍රශ්න හමුවේ විවිධ කණ්‌ඩායම් සූක්‍ෂම හා සංවිධානාත්මක අයුරින් කටයුතු කරන කට්‌ටඩියන් සහ ජාවාරම්කරුවන් මෙන්ම භූතයන් සිටින බවට ඇතැම් තරුණ පිරිස්‌ විනෝදාංශයට ප්‍රචාරය කරමින් ජනතාව අතර බියක්‌ පැතිර වීමත් මීට හේතුවී ඇති බවත් ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ පැවැසූහ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...