“සරත් සිල්වාගේ මොලේ අච්චාරු”

අච්චාරුවක් වී ඇත්තේ ආණ්ඩුව නොව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ මොළය බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය දා කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක දී සරත් නන්ද සිල්වා මහතා කළ විශේෂ දේශනයක දී වත්මන් ආණ්ඩුව අච්චාරුවක් යැයි පළ කළ අදහස් පිළිබඳව ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

ඔහු ගේ වයස සම්බන්ධයෙන් කල්පනා කිරීමේදී මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමා පුදුමයට පත් නොවන බවද කී ඇමැතිවරයා ඔහු ලබා දී තිබෙන නඩු තීන්දු පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බවත් කීය.

වරක් ඔහු හෙල්පින් හම්බන්තොට සිද්ධිය වැරැදි බව පවසා තවත් වරෙක එය නිවැරැදි බව පවසන බවත් මේ සම්බන්ධයෛන් කල්පනා කර බලන විට ඔහු ගේ ප්‍රකාශ ද අච්චාරුවක ස්වරූපයක් ගන්නා බවඇමැතිවරයා පැවැසීය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...