අපි පත් කර ගත් යහපාලන ආණ්‌ඩුවෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වු එක් පැත්තක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
එතනෝල්, කුඩු, කැසිනෝ ගැන කියා මැතිවරණයට පෙර කෑ ගැසුවත් ඊට සම්බන්ධවූවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් හෙතෙම කීය.
ආණ්‌ඩුව ඇතුලේ මේ පිළිබඳව තමන් ඇතුළු කිහිප දෙනෙකු දැඩි අරගල සිදු කරන නමුත් මෙතෙක් මේ ගැන ආණ්‌ඩුව ක්‍රියාත්මක නොවීම ගැටලුවක් යෑයිද හෙතෙම ඊයේ (14 දා) පැවැති ප්‍රවෘත්ති
සාකච්ඡාවකදී පැවසීය.
එතනෝල් මෙරටට ගෙන්වා ඇත්තේ තීරු බදු රහිතව යෑයිද තොරතුරු තිබියදීත් සොයා නොබැලීම ගැටලුවක් යෑයි ද ඇමැතිවරයා කීය.