17.1 C
London
Thursday, November 13, 2025
spot_img

නායකයකුගේ ප්‍රතාපවත්කම තියෙන්නේ උඩු රැවුලේ නොවෙයි

මෙතෙක් පත්වූ සියලු ජනාධිපතිවරුන් ජනාධිපති බලතල ඉවත් කරන බවට බොරු පොරොන්දු දුන් බවත්, රට පාලනයට පෞරුෂයක් නැතැයි චෝදනා එල්ල වූ කෙසඟ සිරුරක් ඇති ගමෙන් ආ ගොවි පුතෙකු එය වෙනස් කළ බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

නායකයෙකුගේ ප්‍රතාපවත් බව තිබෙන්නේ සිරුරේවත් උඩු රැවුලේවත් නොවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (28) සම්මත වීමත් සමග JR හා MR පරාද වූ බවත්, එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරාගැනීමට 19 වැනි සංශෝධනයට හැකි වූ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන යනු බණ්ඩාරනායක අගමැතිවරයාගෙන් පසු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයා වන බවත් සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

19 වැනි ව්‍යවස්ථාව සම්මතයෙන් පසු ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යටතේ ප්‍රථමයෙන් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සිදුකිරීමට නියමිත බවත්, මැතිවරණ හා අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකියන ආයතන ලෙස පිහිටුවීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

19 සංශෝධනයෙන් පසු දෙවැනි පොරොන්දුව වන 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ සමග අවබෝධයකට පැමිණ ඉදිරියට කටයුතු කිරීම ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles