රවංස තම පක්ෂ සම්මේලනයේදී සම්මත වූ යෝජනා මාලාව ජනාධිපතිවරයාට භාර දුන්නේ ඒවා ඉටු කරන්නේ නම් පමණක් යළි ආණ්ඩුව සමග පෑහෙන්නට සිතා බලන බවය. ඔහු ඒ බව කියන්නේ දැනට දරන තනතුරු අත්හැර නොවේ. එහි සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමිනි. සමස්තයක් ලෙස එම යෝජනා මගින් හෙතෙම ආණ්ඩුවට බලකරන්නේ නව ජාතික ප‍්‍රතිපත්තියක් මත පිහිටා ක‍්‍රියාකරන ලෙසය. එහෙත් ආණ්ඩුව එසේ කරන බව දීර්ඝ කාලයක සිට කියයි. එසේ ක‍්‍රියා නොකිරීම වෙනම ප‍්‍රශ්නයකි. පවතින දේශපාලන ක‍්‍රමයේ ආවේණික ස්වභාවය එය බව වීරවංස නොදන්නවා නොවේ. මන්දයත් අටපහ දන්නා ඕනෑම කෙනකුට එය තේරෙන නිසාය. වීරවංසට එය තේරෙන්නේ නම් ඔහු කියන වර්ගයේ ජාතික ප‍්‍රතිපත්තියක සිට ආණ්ඩුව මෙතෙක් ක‍්‍රියා නොකිරීම අරභයා වීරවංස ගත් පියවරක් නැත. වරද දැක ඊට එරෙහි නොවී සුඛවිහරණ ලබමින් සිටීමට කියන්නේ අවස්ථාවාදී වීමය. වීරවංස ඉකුත් වසර කිහිපය තුළම ඒ අවස්ථාවාදියාගේ භූමිකාව තදින් නිරූපණය කළේය. එවිට දැන් හදිසියේ විරෝධයක් පළකරන්නේ ඇයි?
රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට යම් ඉරිතැලීමකට ලක්ව තිබේ. එය සිදුවූයේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් කැසිනෝ පනතට පක්ෂව ඡුන්දය දීම හා වර්ජනය කිරීම හරහා නොවේ. ඉරිතැලීම සිදුවන්නේ දීර්ඝ කාලයක් රාජ්‍යතාන්ත‍්‍රිකභාවයත්, අවංක මහජන සේවාවත් අකුටිලව නොකිරීම හා නාස්තිකාරී ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මහජනයා අතර අපේක්ෂාභංගත්වය වැඩි වර්ධනය වීම හේතුවෙනි. මේ තත්ත්වය තුළ තවදුරටත් රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුළ වීරවංසට තම අවස්ථාවාදය නඩත්තු කරගත නොහැකිය. අලූත්යැ’යි හැෙඟන සහ පෙනී යන දේශපාලන ස්වරූපයක් ඒ සඳහා උපස්ථම්භක කරගත යුතුය. පැරණි අර්ථවිරහිත දේ අභාවයට යෑම හා යැවීම නම්වූ මාක්ස්ගේ න්‍යාය වීරවංස මෙහිදී අත්හදා බලනු පෙනේ. එනම් රාජපක්ෂ පාලනය අභාවයට යයි. අලූත් මුහුණුවරකින් අනුප‍්‍රාප්තිකයකු හෝ වෙනත් ව්‍යාපෘතියක් දැන් ඉතින් වුවමනාය. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරමින් කිසියම් සමාජ අවධානයක් දිනාගැනීමට තැත් කිරීමත් පැරණි පාලනය තුළ සැප විඳිමින් සිටීම තරම්ම වූ අවස්ථාවාදයක් කරා යෑමකි. වීරවංස හිඳින්නේ එතැන මිස වෙන තැනක නොවේ.
මැරෙන සැටි මම පෙන්වමි කියා වීරවංසට තනියම ඡුන්දයක් කරන්නට හෝ දිනන්නට පුළුවන්ද? ඔහු, හඳ පායන කාලයට මතුවන අසනීපය වැඩිවී බැරිවෙලාවත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් ලෝකයේ අඩුම ඡුන්ද සංඛ්‍යාව ලබාගත් ජනාධිපති අපේක්ෂකයාගේ වාර්තාව තැබිය හැකිවනු ඇත. මේ තත්ත්වය ජනාධිපතිවරයා දන්නා නිසා වීරවංසගේ ව්‍යාජ නර්තනය වැඩිය ඇඟට ගන්නේ නැත. යෝජනා භාරගෙන මේ තරමට හෝ සුහදතාවක් පෙන්වන්නට ඇත්තේ ජනාධිපතිවරයාත් මේ මොහොත වනවිට තරමක අසීරු අඩියක කල්ගෙවන නිසා විය හැකිය. අනෙක් අතට වීරවංසගේ ව්‍යාජ නර්තනය ජනාධිපතිවරයාට එක් අතකින් වාසිදායකය. ඒ තවදුරටත් රාජපක්ෂ පාලනයම ප‍්‍රතිසංස්කරණයට ලක්කරගෙන සිටීම උචිතයැ’යි සිතන පිරිසක් සිටින නිසාය. ජනාධිපතිවරයාට එම වාසිය ලැබී තිබෙන්නේ යුද ජයග‍්‍රහණයෙහි ශුද්ධ වූ අයිතිකරුවා බවට ඔහු පත්ව තිබෙන තත්ත්වය තුළය. ජනපතිවරයා කෙතරම් නරක තත්ත්වයට පත්වුණත් ඔහු අත්කරගෙන තිබෙන එම වාසිය මකා දමනු නොහැකිය. එම වාසිසහගත තත්ත්වය සහ වීරවංසගේ ප‍්‍රතිසංස්කරණවාදී විරෝධය යළි රාජපක්ෂ ආණ්ඩුව තරමකට හෝ ඔසවා තබන සංරචකය බවට හැරවීම මෙම ඝෝෂාකාරී වැඩපිළිවෙළෙහි අරමුණ විය හැකිය.
මේ තත්ත්වය තුළ විපක්ෂයෙහි වගකීම කුමක්ද? ප‍්‍රවෘත්ති සාකච්ඡුා තබමින් සාමාන්‍ය ජනයාට නොතේරෙන දේවල් ලියමින් මේ කාරණය මහජනයාට පැහැදිලි කළ නොහැකිය. විපක්ෂය ඍජුවම පක්ෂ විපක්ෂ ජනයා වෙතට යා යුතුය. ක‍්‍රමයෙන් මේ ව්‍යාජය අවබෝධ කරදෙමින් ඊට විකල්පව තමන්ට ඇති දේශපාලන වැඩපිළිවෙළද පැහැදිලි කළ යුතුය. ආණ්ඩුව විවේචනය කිරීම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත. උනුත් එකයි මුනුත් එකයි සටන් පාඨය දිගින් දිගටම නියම යථාර්ථයක් කළා විනා එය බොරු කරන්නට ප‍්‍රධාන විපක්ෂයට මෙතෙක් හැකිවූයේ නැත. විපක්ෂය නව ව්‍යවස්ථාවක් පිළිබඳ බරපතළ සාකච්ඡුාවක ඉන්නවා නම් එය සඟවා කරන සාකච්ඡුාවකින් එහාට ගෙන එය විවෘත සාකච්ඡුාවක් බවට පත් කළ යුතුය. අපි වෙලාවට එළියට දානවා යන්න වීරවංස තරම්ම ආත්ම මූලික ව්‍යාජයක් බවට පත්වීමකි. විපක්ෂ නායකවරයාට නව ව්‍යවස්ථාව ඇතුළු රට ගොඩනැගීම පිළිබඳ අනාගත වැඩපිළිවෙළෙහි දළ සැකිල්ලක් හෝ ඉදිරිපත් කරන්නට හැකි නම් එය සමාජ සංවාදයකට බඳුන් කළ හැකිය. මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම පොදු අපේක්ෂකයකුගේ වැඩක් ලෙස කවුරු හෝ සිතනවා නම් එය වැරදිය. පොදු අපේක්ෂකයා යනු අප මේ මොහොත ජයගැනීමට උපකාරී කරගන්නා නිර්පාක්ෂිකයෙකි. අතිබහුතරයකගේ ගෞරවයට පාත‍්‍රවන චරිතයකි. ඔහු දේශපාලන පක්ෂයක නිත්‍ය සාමාජිකයකු නොවන නිසාම ඔහුට දිගු හා ක‍්‍රමානුකූල දේශපාලන වැඩපිළිවෙළක් තිබිය නොහැකිය. දේශපාලන වැඩපිළිවෙළ මෙන්ම ප‍්‍රතිපත්ති සැකසිය යුත්තේ එජාපය, ජවිපෙ, දෙමළ ජාතික සන්ධානය ආදී ප‍්‍රධාන දේශපාලන බලවේග විසිනි. වික‍්‍රමබාහුලාගේ, සිරිතුංග ජයසූරියලාගේ, මනෝ ගනේෂන්ලාගේ ප‍්‍රායෝගික දේශපාලන දැනුම ඊට මුසුවිය යුතුය. එසේ බලනවිට පොදු අපේක්ෂකයා හෝ විපක්ෂයේ ක‍්‍රියාවලිය මෙහෙය වියයුත්තේ පක්ෂවලින් සැදුම්ලත් මණ්ඩලයක් විසින්ය. එම ක‍්‍රියාවලිය ප‍්‍රමාද කිරීම තවදුරටත් නොකළ යුත්තකි. එබඳු මහජන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට විපක්ෂය අසමත් වීමෙන් වලංගුභාවයක් ලබාදෙන්නේ සැමියාගේ හා බිරිඳගේ ගෙදර ආරාවුලක් බඳු රාජපක්ෂ-වීරවංශ නාඩගමටය. සැමියාගේ හා බිරිඳගේ ඕනෑම සටනක් හදිසියේ පොදු සතුරකු (පොදු අපේක්ෂකයකු) ගෙට එන බව දුටහොත් නවතිනු ඇත. අනතුරුව ඔවුහු පොදු සතුරාට (අපේක්ෂකයාට) එරෙහිව අවි ඔසවති. රාජපක්ෂ ජනාධිපතිගේ අලූත්ම විවේචකයා වන රතන හිමි වැන්නන් රාජපක්ෂ -වීරවංශ අවස්ථාවාදයෙහිම ඉක්මනින්ම අවක්ෂේප වනු ඇත. ඒ ඔවුන්ට අන් සරණක් නැති නිසාය. විපක්ෂයේ වගකීම වනු ඇත්තේ ඒ සෙක්කු ගමන අර්ථාන්විත සමාජ දේශපාලන වැඩපිළිවෙළක් උදෙසා නතර කරලීමය.
විමලනාත් වීරරත්න



