11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

දීගෙට අවුරුදු 15යි

රනිල් මල්ලවාරච්චිගේත් නිරාශාගේත් පෙම් පුවත රට්ටු දැනගත්තේ රනිල් ලෝකෙටම ඇහෙන්න මේ ගීතය ගැයුවාට පස්සේ…

සඳට කියමි – තරු සමඟ මම කියමි
ගීයක් සේ ගයමි
ඔබේ ඇස් වැනි තරුවලින්
නිල් අම්බරේ ලියමි
නිරාශා…. නිරාශා…
අසිරිමත් පෙම්පුවත මේ
අපේ යෞවනයේ….

දැන් ඒ ගීතය ගියලා අවුරුදු 15කටත් වැඩියි… රනිලුයි නිරාශායි දැන් දුවෙක්ගෙයි පුතෙක්ගෙයි මවුපියෝ… ඕස්ට්‍රේලියාවේ ජීවත් වන රනිල් තාත්තාව අනුගමනය කරලා යහපත් පවුල් ජීවිතයක් ගත කරනවා කියලා රනිල් ගැනත් එයා ගෙවන ජීවිතය ගැනත් දන්න උදවිය පවසනවා. කොහොමින් කොහොම හරි රනිලුත් නිරාශාත් පසුගිය දවසක තමන්ගේ 15 වැනි විවාහ සංවත්සරය සැමැරුවා. තමන්ගේ විවාහ මංගල්‍යය මතක් වෙලාද කොහෙද දෙන්න මඟුල් ඇඳුම් ඇඳලා අලුත් ජෝඩුවක් වගේ ඡායාරූප අරගෙන.

අද කාලේ හැටියට අවුරුදු 15ක් ගිහිනුත් දීග කෑවා කියන එකත් ලේසි නෑ. ඒත් රනිල් මැරෙන තුරුම ඔය ආදරය වෙනසක් නැතුව තියාගන්න එකයි වැදගත් වෙන්නේ… හරියට ඔයාගේ තාත්තා වගේ…

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles