ජීවන වියදම වැඩිවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතියේ බිඳ වැටීම ගැන ජනපති සමග තමන් ප්‍රසිද්ධියේ වාද කිරීමට සුදානම් බවත් රක්ෂා කිරීමට පෙළපතක් නැති තමන් රට වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයට වුවද ගොස් “ගහන්න තියෙන ගේමක් ගහලා“ රට බේරා ගැනීමට සුදානම් බවත් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙරට ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාජපක්ෂ රෙජිමය ජීනීවා විදුලි පුටුවට මුවාවෙන් කරඅරින බවත් මේ නිසා ජනපති ලෑස්ති නම් තමන් ද එකී කාරණා ගැන ඔහු හා ප්‍රසිද්ධියේ වාද කිරීමට සුදානම් බවත් ඔහු කියයි.
කෙසේ වුවද “ මම දන්නෑ වාද වලට එයිද කියලා“ යැයි විපක්ෂනායකවරයා පවසයි.
ගොඩකවෙලදී ඊයේ සවස පැවැති එජාප ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
“කවුරු හරි කියනවානම් ජාත්‍යන්තර අධිකරණයකට ගෙනයනවා කියා ඒ අය වෙනුවෙන් මම ඉදිරිපත් වෙන්නම්“ යැයිද තමන්ට එය ප්‍රශ්නයක් නොවන බවද හෙතෙම එහිදී පැවසුවේය.
ඉදිරියේදී ජිනීවා වලදී ශ්‍රී ලංකාවට එරෙහිව කුමන යෝජනාවක් සම්මත වේදැයි තමන් නොදන්නා බවද එහෙත් තමන් රෝම ගිවිසුමෙන් මෙරට ජනතාව විදුලි පුටුවට ගෙනයාම වළක්වාගෙන ඇති නිසා මෙරට කිසිවෙකුත් විදුලිපුටුවට රැගෙන යාමට නොහැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
කෙසේ හෝ රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුමක් නොදී රාජපක්ෂ රෙජිමය ජනතාව විශාල විදුලි පුටුවක තබාගෙන සිටින බවත් විදුලි පුටුවේ ඉඳගෙන ඔවුන් කෑගහන විට රාජපක්ෂ රෙජිමය කියන්නේ “දැන් උඹලා එතනෝල් බීපල්ලා. කුඩු බීපල්ලා“ යනුවෙන් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර කිරි පිටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද විපක්ෂනායකවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරයි.
ලංකාවේ කිරි පැකට්ටුවට වඩා කුඩු පැකට්ටුව ලාබ බවත් තරුණ පරපුරට කිරි නැතත් දැන් කුඩු තියෙන බවත් හෙතෙම පවසයි.
ධර්මද්වීපය ලෙස සැලකෙන ලංකාවේ පමණක් කිරි පැකැට්ටුවට වඩා කුඩු පැකැට්ටුව දැන් ලාබ බවත් ඔහු සඳහන් කරයි.
රාජපක්ෂ රෙජිමය කිරි පිටි මිල වැඩි කර සිදුකර ඇත්තේ තවත් ගිනස් වාර්තාවක් පිහිටුවීම යැයිද විපක්ෂනායකවරයා පවසයි.
ජීවන වියදම වැඩි වී තිබියදී ආණ්ඩුව ජනතාවට සහනයක් නොදෙන බවත් පඩි වැඩි කිරීමක් නොකරන බවත් හෙතෙම පෙන්වාදෙයි.
කිරි පිටි වැනි භාණ්ඩ සඳහා සහන ලබාදීම එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ සිදුකරන බවද ඔහු කියයි.
ජනතාවගේ ආදායම් වැඩි කිරීම තම රජයක් යටතේ සිදුකරන බවද එය අපගේ ප්‍රතිපත්තිවල කොටසක් බවද හෙතෙම පවසයි.
රාජපක්ෂ රෙජිමය ජනතාව ගැන නොසිතන බවත් තමන් ගැන පමණක් සිතන බවත් ඔහු කියයි.
කිරි පිටි මිල වැඩි කිරීමත් සමග අවුරුද්ද මැද වන විට මෙරට ජනතාවට දැඩි දුෂ්කරතාවට පත්වීමට සිදුවිය හැකි බවද ඔහු අනතුරු අඟවයි.