Wednesday , 22 January 2025

එක්‌සත් ජාතික පක්‍ෂයට යළිත් බලය ලබාගත හැකිද…?

වර්තමානයේ දේශපාලන ක්‌ෂේත්‍රයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයට පත්වී ඇති ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන පක්‍ෂ අතරින් එක්‌සත් ජාතික පක්‌ෂයට හිමි වන්නේ අද්විතීය ස්‌ථානයකි. හිටපු අග්‍රාමාත්‍ය දිවංගත ඩී. එස්‌. සේනානායක මහතා පක්‌ෂයේ ප්‍රථම නායකයා වශයෙන් 1946 දී පත්වූ අතර ඉන්පසුව විවිධ නායකයන් පත්වෙමින් මෙරට දීර්ඝ කාලයක්‌ අගමැති හෝ ජනාධිපති ධුරය දරමින් රට පාලනය කර ඇති බව කන්‍යා ලග්න කේන්ද්‍ර හිමි ඩඩ්ලි සේනානායක, ඡේ. ආර්. ජයවර්ධන මහත්වරු සහ සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය බව රහසක්‌ නොවන අතර කටක ලග්නයෙන් උපන් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියද අවුරුදු 11 ක්‌ රට පාලනය කර ඇත. සිංහ ලග්නයෙන් උපන් ඩී. එස්‌. සේනානායක මැතිතුමාද, කුම්භ ලග්නයෙන් උපන් එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමාද මේෂ ලග්නයෙන් උපන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද, වෘෂභ ලග්නයෙන් උපන් ඩී. බී. විඡේතුංග මැතිතුමාද, සර් ජෝන් කොතලාවල මැතිතුමාද රට පාලනය කර ඇතත් ඔවුන්ගේ පාලනය අවුරුදු 04 ට අඩුවී ඇති බවද පෙනී යයි.

1946 සැප්තැම්බර් මස 06 වැනි සිකුරාදා සවස 5.00 ට පමණ ඇල්බට්‌ ක්‍රසන්ට්‌ හි පාම්කෝට්‌ මන්දිරයේ දී එක්‌සත් ජාතික පක්‌ෂය පිහිටුවීමේ සමාරම්භක රැස්‌වීම පවත්වා ඇත. සෙන්පති ඡේ. ඇල්. කොතලාවල මහතාගේ ආරාධනය අනුව ආරම්භ වූ රැස්‌වීමේ මුලසුන ඩී. එස්‌. සේනානායක මහතා විසින් දරණ ලද අතර එම අවස්‌ථාවේදී එක්‌සත් ජාතික පක්‌ෂය නමින් පක්‌ෂයක්‌ පිහිටුවිය යුතු යෑයි රාජ්‍ය මන්ත්‍රී එස්‌. නඩේෂන් මහතා යෝජනා කර ඇති අතර රාජ්‍ය මන්ත්‍රී ටී. බී. ජයා මහතාගේ ස්‌ථිරත්වයෙන් පක්‍ෂය පිහිටුවා ඇත. එම අවස්‌ථාවට ඩී. ඇµa. මොලමුරේ, ඒ. ආර්. ඒ. රසික්‌, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ජෝර්ඡ් ඊ. ද සිල්වා, ඒ. මහාදේව, ඡේ. ආර්. ජයවර්ධන, දොස්‌තර ඩී. ආර්. සොක්‌මන්, ආචාර්ය ඇල්. ඒ. රාජපක්‌ෂ, ඡේ. ඇල්. කොතලාවල යන මහත්වරු ආරම්භක සාමාජිකයන් ලෙස සහභාගි වී ඇත.

පක්‍ෂය පිහිටුවන අවස්‌ථාවේ කුම්භ ලග්නය ද, තුලා නවාංශකයද උදාවී පැවති අතර පුවසල නැකතේ තෙවන පාදය උදාවී සිකුරුට අවු. 07 මාස 09 දින 03 ක්‌ ඉදිරියට ශේෂවී තිබුණි.

1947.08.23 සිට 1947.09.20 දින දක්‌වා දින 19 ක්‌ තුළ පැවති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය මන්ත්‍රීන් 42 ක්‌ ලබා රජය පිහිටුවා ඇත. 1952.05.24 සිට 1952.05.30 දක්‌වා දින 04 ක්‌ තුළ පැවති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට මන්ත්‍රීන් 54 ක්‌ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට මන්ත්‍රීන් 09 ක්‌ද, ලංකා සමසමාජ පක්‍ෂයට මන්ත්‍රීන් 09 ක්‌ද ඇතුළුව නියෝජිතයන් 95 කින් යුක්‌ත රජයේ පාලන බලය එක්‌සත් ජාතික පක්‍ෂයට හිමිවී ඇත.

1956.04.05 සිට 1956.04.10 දින දක්‌වා දින 03 ක්‌ ඇතුළත පැවති මැතිවරණයෙන් මහජන එක්‌සත් පෙරමුණට නියෝජිතයන් 51 ක්‌ද, ලංකා සමසමාජ පක්‍ෂයට නියෝජිතයන් 14 ක්‌ද, එක්‌සත් ජාතික පක්‌ෂයට නියෝජිතයන් 08 ක්‌ද සමග මන්ත්‍රීන් 95 කින් යුක්‌ත පාර්ලිමේන්තුවේ බලය මහජන එක්‌සත් පෙරමුණට හිමිවී ඇත. එම කාලය වන විට 1955.08.03 සිට 1956.06.27 දින දක්‌වා එක්‌සත් ජාතික පක්‌ෂයට රවි මහ දශාවේ රාහු අතුරු දශාව පැවතුණි.

1959.06.09 සිට 1966.06.09 දින දක්‌වා පැවති රවි මහ දශාවේ සිකුරු අතුරු දශාව තුළ 1960.03.19 දින පැවති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට නියෝජිතයන්

50 ක්‌ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට නියෝජිතයන් 46 ක්‌ද, මහජන එක්‌සත් පෙරමුණට නියෝජිතයන් 10 ක්‌ද, ලංකා සමසමාජ පක්‍ෂයට නියෝජිතයන් 10 ක්‌ සමග නියෝජිතයන් 151 කින් යුක්‌ත පාර්ලිමේන්තුවේ බලය එක්‌සත් ජාතික පක්‌ෂයට හිමි වුවද මාසයක්‌ ගතවීමත් සමග එම රජය බිඳ වැටී ඇත.

ඉන්පසු 1960.07.20 දින මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට නියෝජිතයන්

75 ක්‌ද, එක්‌සත් ජාතික පක්‌ෂයට නියෝජිතයන් 30 ක්‌ද, ඇතුළු අනෙකුත් පක්‌ෂවල නියෝජිතයන් සමග 151 ක්‌ සිටි පාර්ලිමේන්තුවේ බලය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හිමිවී ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජය බිහිවී ඇත. එම කාලය වන විට එක්‌සත් ජාතික පක්‌ෂයට සඳු මහ දශාවේ එම අතුරු දශාව ලබා තිබුණි.

1964.09.09 සිට 1966.04.09 දින දක්‌වා එක්‌සත් ජාතික පක්‌ෂයට සඳු මහ දශාවේ සෙනසුරු අතුරු දශාව පැවති අතර 1965.03.22 දින පවත්වන ලද මැතිවරණයේ දී නියෝජිතයන් 151 ක්‌වූ පාර්ලිමේන්තුවට නියෝජිතයන් 66 ක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයටද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට මන්ත්‍රී 41 ක්‌ද සමග නියෝජිතයන් 151 ක්‌a හිමි පාර්ලිමේන්තුවේ බලය එක්‌සත් ජාතික පක්‌ෂයට හිමිවී ඇත.

1966.04.09 දින සිට 1970.06.09 දින දක්‌වා පැවති සඳු මහ දශාවේ රවි අතුරු දශාව තුළ 1970.05.27 අතර පැවති මැතිවරණයෙන් නියෝජිතයන් 151 කින් යුක්‌ත පාර්ලිමේන්තුවේ නියෝජිතයන්

91 ක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයටද, ලංකා සමසමාජ පක්‌ෂයට නියෝජිතයන් 19 ක්‌ද, එක්‌සත් ජාතික පක්‍ෂයට නියෝජිතයන්

17 ක්‌ද ලැබීමෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ රජය බිහිවී ඇත.

1977.07.21 දින මැතිවරණය පවත්වන අවස්‌ථාව වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 ක්‌වූ අතර එම මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට නියෝජිතයන්

140 ක්‌ද, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණට නියෝජිතයන් 18 ක්‌ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට නියෝජිතයන් 08 ක්‌ද, කම්කරු කොන්ග්‍රසයට එක්‌ නියෝජිතයෙක්‌ද සමගින් එක්‌සත් ජාතික පක්‌ෂ රජය පිහිටුවන අවස්‌ථාවේ 1977.06.09 ලැබූ රාහු මහ දශාවේ එම අතුරු දශාව ලබා තිබුණි.

1982.02.15 දින පැවති මැතිවරණ අවස්‌ථාව වන විට රාහු මහ දශාවේ සිකුරු අතුරු දශාව ගෙවී ඇති අතර මන්ත්‍රීන් සංඛ්‍යාව 225 ක්‌ විය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ පාලනය ගෙවමින් සිටියදී 1994.08.16 දින පැවති මහ මැතිවරණය පවත්වන කාලය වන විට එක්‌සත් ජාතික පක්‍ෂයට රාහු මහ දශාවේ කුජගේ අතුරු දශාව ගෙවී ඇත. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රධාන පොදුජන එක්‌සත් පෙරමුණ ජයග්‍රහණය කර ඇත.

2000.10.10 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණය කාලය වන විට එක්‌සත් ජාතික පක්‍ෂයට ගුරු මහ දශාවේ බුධ අතුරු දශාව ගෙවමින් සිට ඇති අතර එම මැතිවරණයෙන්ද පොදුජන එක්‌සත් පෙරමුණ ජයග්‍රහණය කර ඇත.

ජනතාව අපේක්‍ෂා නොකළ අවස්‌ථාවක ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීන් පිරිසක්‌ රජයෙන් ඉවත් වීම හේතුවෙන් 2001.12.05 වන දින පැවති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‌ෂය බලයට පත්වූ අතර 2000.12.09 වැනි දින සිට 2002.05.15 දින දක්‌වා පැවති ගුරු මහ දශාවේ බුධගේ අතුරු දශාව ගෙවී ඇත.

බ්‍රහස්‌පති දශාවේ සිකුරු අතුරු දශාව පැවති 2003.04.21 දින සිට 2006.10.09 වන දින දක්‌වා කාලය තුළ 2004-04-02 දින දක්‌වා කාලය තුළ පැවති මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‌ෂය පරාජයට පත්වී

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලය ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය පෙරළි සිදුවී ඇති කාලයන් සහ එක්‌සත් ජාතික පක්‌ෂයට ගෙවී ඇති දශා අතුරු දශා පිළිබඳව මෙහිදී පැහැදිලි විස්‌තරයක්‌ ඉදිරිපත් කළෙමු. එම තත්ත්වයන් අනුව එක්‌සත් ජාතික පක්‌ෂයට වඩාත්ම අශුභ විපාක ලබාදී ඇත්තේ කුජගේ දශාවන් තුළ බව පැහැදිලි වන අතර සිකුරු, ගුරු, සඳු, රවි, බුධ ග්‍රහයන්ද සමහර අවස්‌ථාවලදී ජයග්‍රහණයන් ලබා දුන්නත් ටික දිනකින් ඒ ජයග්‍රහණයන් පරාජයට පත්කර ඇති බවද පෙනී යයි.

2011.06.09 දින සිට ලබා ඇති සෙනසුරු මහ දශාවේ එම අතුරු දශාව 2014.06.12 වැනි දින දක්‌වා පවතී. සෙනසුරු එක්‌සත් ජාතික පක්‌ෂයට සුබ පල අඩුකර ඇති අතර 1982.07.15 සිට 1985.05.21 වන දින දක්‌වා පැවති රාහු මහ දශාවේ සෙනසුරු අතුරු දශාව තුළ 1983 කළු ජූලිය වැනි බරපතළ විපත් සිදුවී ඇත. එම හේතුවෙන් මෙම කාලය බලය පිළිබඳව බලාපොරොත්තු තැබීම අපහසු වේ.

එක්‌සත් ජාතික පක්‍ෂයට සුබ පල අඩුවෙන්ද වැඩියෙන් අශුභ පල ලබාදී ඇති ශනි මහ දශාවේ බුධ අතුරු දශා 2014.06.12 සිට 2016.02.21 දක්‌වා පවතී. පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීන ලග්නයේ කටක නවාංශකයෙන් උපත ලබා ඇති අතර ඔහුගේ කේන්දරයේ උපතේදී ශනි 06 වැන්නේ ද, බුධ 12 වැන්නේද සිටි අතර 2014.11.02 වැනි දින දක්‌වා සෙනසුරු ඒරාෂ්ඨකව 8 වැන්නේ ගමන් කරයි. උපතේ දී උත්‍රසල නැකතේ 4 වන පාදයෙන් උපත ලබා ඇති වික්‍රමසිංහ මැතිතුමාට 2000.11.24 සිට 2019.11.24 වැනි දින දක්‌වා සෙනසුරු මහ දශාව පවතී. දැනට 2013.05.27 සිට 2014.07.06 වැනි දින දක්‌වා සෙනසුරු මහ දශාවේ අඟහරු අතුරු දශාව ලබා ඇත.

මෙම කාලය තුළ එක්‌සත් ජාතික පක්‍ෂයට සෙනසුරු මහ දශාවේ එම අතුරු දශාව ලබා තිබීමත් පක්‍ෂ නායකයාට ශනි මහ දශාවේ කුජගේ අතුරු දශාව ගතවීමත් යහපත් නැත. එතුමාට පක්‍ෂය තුළත් පිටතින්ද, චෝදනා අපහාස, සතුරු බලපෑම්වලට හේතුවිය. 2014.07.06 සිට 2017.05.12 වැනි දින දක්‌වා පවතින රාහු අතුරු දශාව පක්‍ෂයට සාමාන්‍ය යහපත් වුවද 2014.07.12 වැනි දින නායකතුමාගේ කේන්ද්‍රයේ 2 වැන්නේ සිටි රාහු උපතින් සතුරු රාශිය වන 7 වැන්නට ගමන් කිරීම එතරම් යහපත් නැත.

එක්‌සත් ජාතික පක්‍ෂයට අවු. 12 වරක්‌ රාජ යෝග උදාවන බව සමහර වියතුන් පෙන්වාදී ඇතත් 1953 හර්තාලයෙන් පසුව වසර 12 කට වරක්‌ 1965 දී එක්‌සත් ජාතික පක්‍ෂය බලයට පත්වූ බව පැවසුවද එය ගණනය කළ යුතු වන්නේ 1956 සිට බවද පෙනීයයි. වසර 12 ක වමේ රජයක්‌ පැවත ඇති බවක්‌ නොපෙනෙන අතර 1960 සිට 1965 දක්‌වාත්, 1970 සිට 1977 දක්‌වාත් ඉන්පසුව 1994 සිට 2001 දෙසැම්බර්Êදක්‌වාත් වාමාංශික රජයන් පැවත ඇත. 1994 සිට 2005 දක්‌වා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර 11 ක්‌ පාලනය කළත් 2005 ජනාධිපතිවරණයෙන් ද 2006 මහ මැතිවරණයෙන්ද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය ලැබී ඇත.

ඉහතින් පෙන්වා දුන් හේතු සාධක අනුව විරුද්ධව පක්‌ෂයේ විශාල කැළඹීම් සහගත තත්ත්වයක්‌ උදාවීම හේතුවෙන් බලයට පැමිණීමේ අවස්‌ථාව නැතිවෙයි.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයෙත්, චන්ද්‍ර කේන්ද්‍රයෙත් ඇති බලවත් රාජයෝග බලයට ගැලපෙන බලය බිඳින්නට හැකි අයෙක්‌ පක්‌ෂ නායකත්වයට පත්කර ගැනීමෙන් එක්‌සත් ජාතික පක්‌ෂයට රටේ පාලනය හිමිවීමේ අවස්‌ථාව උදාවෙයි. එවැනි අයෙක්‌ පත් වුවහොත් විපක්‌ෂයට බලය ලැබෙන කාලය නිගමනය කිරීමට පුළුවන. එසේ නොවුණහොත් දේශපාලන පක්‍ෂයක සාමාජික නොවන බලගතු කේන්ද්‍ර හිමි අයෙක්‌ විපක්‌ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් කළහොත් වර්තමාන පාලනයට අභියෝගයක්‌ කිරීමට අවස්‌ථාව උදාවෙයි.

පක්‍ෂ මූලස්‌ථානය වන සිරිකොත මන්දිරයේ වාස්‌තු දෝෂ පවතින බව පසුගිය දිනයක ජාතික පුවත්පතක පළ වී තිබූ අදහස මමද අනුමත කරමි.

රත්නපුqර දයාරත්න මායාදුන්නේ
divaina

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...