මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට දේශපාලන පක්ෂ ඉදිරි දින 10 තුළ එකඟතාවයකට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනුයේ ශ්‍රි ලංකාවට එරෙහිව පවතින මානව හිමිකම් චෝදනා සම්මත වුවහොත් ක්ෂණිකව සම්බාධකවලට මුහුණ දීමට සිදුවන බවත්ඒ නිසා මානව හිමිකම් චෝදනා එල්ල වූ සමයේ පැවති අාණුඩු ගත් පියවර නිසා ඔවුන් දුන් පාෙරාන්දු අනුව කටයුතු කිරීමට වර්තමාන රජයට සිදුවන බවත් මෙය බටහිරට හෝ කිසිවකුට යටත්වීමක් නොවන බවත්ය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26දා) මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පවසා සිටියේය.
‘අපට එරෙහිව මානව හිමිකම් චෝදනා සම්මත වුවහොත් ක්ෂණිකවම අපට සම්බාධකවලට මුහුණ දෙන්න වෙනවා. මානව හිමිකම් චෝදනා එල්ල වූ සමයේ පැවති රජය ගත් පියවර අනුව අපට කටයුතු කරන්න සිදුවෙලා තිබෙනවා. ඒ සමයේ අපි හිටියා නම් ගන්නා පියවර මීට වෙනස් විය හැකියි. එහෙත් මේ අවස්ථාවේ දී අප එකල වරින් වර එකඟ වී ඇති කරුණු වලට අනුකූලව කටයුතු කරන්නට අපට සිදුවෙලා තිබෙනවා. මෙය බටහිරට හෝ කිසිවෙකුට යටත් වීමක් නොවෙයි. මානව හිමිකම් සුරකීමට අපේ ක්‍රමවේදයන්ට අනුව පරීක්ෂණ කරන්න අපි එකඟවෙලා තිබෙනවා. මෙයින් යුද අධිකරණයකට ගෙන යාමක් වෙන්නේ නෑ. ඒ අනුව අපි නොයෙක් පියවර අරන් තිබෙනවා. ජාතික ගීතය සිංහල හා දෙමළ භාෂාවෙන් ගැයීම ඩී.එස්. සේනානායක සමයේ සිට සිදුවූ දෙයක්. එසේම මේ වනවිට අපි යාපනයේ ජනතාවගේ ඉඩම් නැවත ලබා දෙමින් තිබෙනවා.
මේ රටේ ජාතික සමග ඇති කිරීමට මේ කටයුතු විධිමත් කිරීමට වෙනම කාර්යාලයක් ඇති කරනවා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ ප්‍රධානත්වයෙන්. ජාතික සමගිය පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක වන්නේ සාමාජික මණ්ඩලයක් මතයි. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය නම් කරන නියෝජිතයන් එයට ඉදිරිපත් වෙනවා.
ආණ්ඩුවට හැකියාව තිබෙන්නේ වැරදිකරුවන් හිරේ දාන්න නෙවෙයි. ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන එන්න පමණයි. මේ වන විට ඉතා සාර්ථකව වැරදිකරුවන් කීප දෙනෙක් ගැනම පරීක්ෂණ කෙරිලා තියනවා. උසාවිය දෙන තීරණය මිස වෙනත් ආකාරයෙන් වැරදිකරුවන්ට දඬුවම් දෙන්න අපේ කිසිම අදහසක් නෑ.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ මේ වනවිට ෆයිල් 1800 කට වඩා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී නොයෙක් ප්‍රායෝගික ගැටලු තිබෙනවා.
ඒ වගේම මේ වනවිට සිදු කර ඇති සංවර්ධන කටයුතු වලට මුදල් ගෙවීම දැනට සිදුවෙනවා. ඇතැම් අය මේ කොන්ත්‍රාත් බාර අරගෙන තියෙන්නේ ගිවිසුම් අත්සන් කර නොමැතිවයි. ඒ නිසා අපට ඒ අය වෙනුවෙන් ගෙවීම් කරන්න අපහසු වෙලා තියනවා. මේ වනවිට පසු පසට ඔවුන්ගෙන් කටයුතු වලට අපට ගෙවිය හැකි මුදල් ගැන අපි සොයා බලමින් යනවා. දින සියයේ වැඩසටහනෙන් අපි ඉදිරිපත් කළ පොරොන්දු රැසක් අපි ඉටු කර තිබෙනවා. ඒවා බොහෝ ආණ්ඩු නොකළ දෙයක්. ඒ අනුව මෙය අපේ ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකියි.
ලබන සඳුදා සිට නොමිලේ ‘වයි ෆයි’ පහසුකම් ලබා දීම කොළඹ කොටුව දුම්රිය පොළෙ ප්‍රදේශයෙන් අරඹනවා. ඒ අතරම කුඩා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමත් වී, තේ සහ රබර් සහතික මිල ගණන් පිළිබඳවත් අප අපේ පොරොන්දු ඉටු කරමින් සිටිනවා.
පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව වැඩ කරනවා. මේ කාලයේ අපි ඉදිරියේ වැඩ කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නයි. එයින් පස්සේ ඇතිවන ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්න අපට මෙය හොඳ පුහුණුවක් වනු ඇති.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ඉදිරි දින 10 තුළ එකඟතාවයකට පැමිණෙනු ඇති. එහිදී මිශ්‍ර ක්‍රමයකට යනවාද කේවල ක්‍රමයකට යනවාද මන්ත්‍රී පිරිස වැඩි කරනවාද නැද්ද යන්න ගැන මේ වනවිට සාකච්ඡා වෙමින් යනවා. මැතිවරණ ක්‍රමය සංශෝධනය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් වනු ඇති. දින සියයේ වැඩසටහන අනුව අප්‍රේල් 23 වැනිදා වනවිට පාර්ලිමේන්තුව විසුරවා මැතිවරණයකට යා යුතුයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී සිදුවන සාකච්ඡා වලින් පසුව තීරණයක් ගත හැකි වේ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...