සුද්ධෝදන චරිතයට මාව ගත්තම වන්ෂොට්ලාට පුළුවන්ද ඕවා කරන්න කියලා ඇහැව්වා – සිනමා ජීවිතයේ ගල්මුල් ගැන රන්ජන් කියයි

දිල්ලි සිනමා උළෙ‍ලේ දී ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත් වුණා. ඒ උත්සවයට සහභාගි වෙන්න මටත් අවස්ථාවක් උදා වුණා. ඒ වගේම එහිදී රන්ජන් රාමනායක නම් දක්ෂ රංගන ශිල්පියා මුණගැසී කතා කරන්නත් මට අවස්ථාව උදා වුණා.

ශ්‍රී ගෞතම චිත්‍රපටයේ රංජන් රාමනායක රංගවේදියා සුද්ධෝධන රජුගේ චරිතයට පණ පෙව් අතරම ඔහුගේ වෙහෙස මහන්සියෙන් හැඩ වුණු චිත්‍රපටයක් සඳහා සම්මාන ලැබිම පිළිබඳ නිහතමානී ආඩම්බරයක් ද ඔහුගේ මුහුණේ තිබුණා.

කොහොමද රන්ජන් අයියේ ජීවිතේ
මම ඇහැව්වේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගෙනමයි. ඔහුගේ මුහුණේ වූයේ අපූර්ව නිහතමානී සිනාවක්.
වරදක් නැහැ නංගි. හොඳින් ඉන්නවා. ජීවිතේ සාමාන්‍ය පරිදි ගෙවීගෙන යනවා. ඔහු පැවසුවා.ඒ අතරෙම ඔහු මට අතින් හිඳ ගන්න යැයි සංඥා කරමින් ඔහුද වාඩි වුණා.නැවතත් කතාව ආරම්භ කළේ මම.

මොකද අයියේ “මායා”ට වෙන්නේ?
මම අලුත් කතාවක් මාතෘකා කර ගනිමින් විමසුවා.මේ චිත්‍රපටය මගේ ජීවිතේට විශේෂයි නංගි, අර්ධ පිරිමි සහ ගැහැණු චරිතයක් තමයි මම ඒ චිත්‍රපටයේ රඟපාන්නේ. මේක හරි ලස්සන චිත්‍රපටයක් වේවි. මෑතකදී ඉන්දියාවේ රූගත කිරීම්වලට ගිහින් අවේ.

ඇයි මෙවැනි චරිතයක් තෝරාගත්තේ?
මගේ මීළඟ ප්‍රශ්නය මතු වුණේ සිතේ තිබුණ කුහුල නිසාමයි.
මම ඒ වගේ චරිතයක් රඟපාන්න හිතුවේ මේ වගේ චරිත ඉතා වෙනස් චරිත. ඔය වගේ චරිත තුළ තියෙන ගොඩක් දේවල් අති විශේෂයි.සිරි ගෞතම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණත් ඔයාගේ චරිතය පිළිබඳ ගැටලු ඔයා තුළ තියෙනවා නේද? මම ඔහුගෙන් ඇහුවේ ඔහුගේ මූණ දෙස ඉතා ඕනෑකමින් බලමින්.ඔයා කිව්වේ මොනව වගේ ගැටලුද? රන්ජන් කුතුහලයෙන් මගෙන් අහනවා.
චිත්‍රපටයේ ඔයා රඟපාපු ගොඩක් කොටස් නැහැ නේද? මම පැහැදිලි කළා “ඔව්… ඒකනම් ඇත්ත. මේ චිත්‍රපටයේ රඟපෑවට පස්සේ ගොඩක් මිනිස්සු මට බැන්නා. ඒත් ඒ බැන්නේ මම රඟපෑවා හොඳ නැහැ කියලා ‍නෙවෙයි, “වන්ෂොට්” මෙතනට ආවේ කොහොමද කියලා අහලයි මට බැන්නේ. දේශපාලන පක්ෂ ඉලක්ක කරගෙන මම රඟපෑව සමහර කොටස් අයින් කරලා තිබුණා.

ඉතින් රඟපාපු කොටස් අයින් කළාම ඔයාට හානියක් නේද?
මම ඊළඟ ප්‍රශ්නය ඔහු ඉදිරිපිට තිබ්බේ ඉතා ඕනෑකමින්. මොකද මම දැනගෙන හිටියා දිග කතාවක් කියන්න ඔහු අරඅඳින බව.
මට හානියක් තමයි නංගී. මම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ රඟපාන්න අත්තිකාරම් මුදල් ගත්තට පස්සේ වත් හිතුවේ නැහැ මේ චිත්‍රපටයේ මම ඉඳීවි කියලා.

ඒ මොකද ඒ, මම මවිත වුණා.
මම සමහර චිත්‍රපටවල අත්තිකාරම් මුදල් අරගත්තටත් පස්සේ මාව ඒ චිත්‍රපටයෙන් මෙයට පෙරත් අයින් කරලා තියෙනවා. සමහර චිත්‍රපටවල රඟපෑවට පස්සේ ගිහින් බලද්දී මම ඒ චිත්‍රපටයේ නැතිවෙලා තියෙනවා. අන්න එහෙම ඒවා තමයි ඉතින් මට වෙන්නේ.

ඇයි ඉතින් ඔයාට බැරි මේ අසාධාරණකම් ගැන කතා කරන්න. මම ඔහුගෙන් ඇසුවා.
මොකද නැත්තේ මම කතා කරලා තියෙනවා. ගොඩක් කලාකරුවන් තමන්ගේ දුක් ගැනවිලි ඇවිත් කියන්නේ මට. මම පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ඕනෙතරම් කතා කරලා තියෙනවා. කලාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී හැම වෙලාවෙකම හඬක් අවදි කරලා තියෙන්නේ මම විතරයි.

ඔහුගේ හ¾ෙඩ් තිබුණේ කලකිරීම් හඬක්.
රංජන් රාමනායක නම් සුන්දර කලාකරුවා දේශපාලනය නිසා මැකුණේ නැද්ද අයියේ” මම ඔහු ඉදිරියේ තැබුවේ මගේ හදවතට දැනුණ දේ. නැහැ නංගි මගේ මාමා විජය කුමාරතුංග. ඔහු නළුවෙක්. අති දක්ෂ සුවිශේෂී නළුවෙක්. නමුත් ඔහු දේශපාලනය කළා. මිනිස්සු වෙනුවෙන් කැප වුණා. මම මේ යන දේශපාලන ගමන අහිංසක මිනිසුන් වෙනුවෙන් තාඩනයට, පීඩනයට අසුවෙන අහිංසක මිනිසුන් වෙනුවෙන්.

ඔහුගේ හඬෙහි සියුම් හැඟුම්බර බවක් ගැබ්වෙලා තිබුණා. රංගන ජීවිතේ මට වුණු අසාධාරණකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම දේශපාලකයෙක් නිසාම සමහර රූපවාහිනී නාලිකා වසර අටකින් මගේ සම්මුඛ සාකච්ඡා සඳහා කතා කරලා නැහැ. මගේ චිත්‍රපට ගණනාවක් තිරගත වුණා. ඒත් සිනමාව සම්බන්ධ පත්තර එකක්වත් මගේ ඡායාරූපයක් කවරයක ගිහින් නැහැ. නමුත් මිනිසුන් වෙනුවෙන් දේශපාලකයකු ලෙස කැප වෙන්න හැකි වීම ගැන පුදුමාකාර සතුටක් තියෙනවා.ඔහු ජීවිතයේ හැම දෙයක්ම සැහැල්ලුවට ගන්නවා වගේම එන ප්‍රශ්නවලටත් අභීතව මුහුණ දෙන්න සමතෙක්.

ඉමල්කා ගුණවර්ධන
Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...