13.5 C
London
Friday, April 25, 2025
spot_img

ගොළු දැරියට අතවර කළ තිදරු පියෙක්

28 හැවිරිදි ගොළු මන්දබුද්ධික අවිවාහක කාන්තාවකට අතවර කළ 45 හැවිරිදි තිදරු පියකු වූ මාළු වෙළෙන්දකු මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අතවරයට ලක්‌වූ අවිවාහක කත කටාන නැගෙනහිර කළුවාරිප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ බවයි.

ඇගේ මව රැකියාවක්‌ සඳහා විදේශගතවී ඇති අතර ඇය පියා සහ අත්තම්මා සමඟ පියාගේ නිවසේ ජීවත්වේ. මෙම සිද්ධියට අදාළ සැකකරු දිවුලපිටිය ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකි. ඔහු අතවරයට පත් කාන්තාවගේ පියාගේ මිතුරෙකි.

එම කාන්තාවගේ පියා නිවසේ නොසිටි අවස්‌ථාවක්‌ බලා මාළු වෙළෙන්දා පැමිණ එම කතට අතවර කර ඇත. පසුව ඔහු අවස්‌ථා කිහිපයකදී ගොළු, මන්දබුද්ධික කත සමඟ ලිංගික ඇසුර පැවැත්වීම සඳහා එම කාන්තාවගේ නිවසට පැමිණ ඇත. පසුව මේ බව දුටු කාන්තාවගේ නැන්දා කෙනකු ඒ බව කාන්තාවගේ පියාට දන්වා ඇති අතර පියා මේ පිළිබඳව මීගමුව පොලිසියට පැමිණිලිකර ඇත. මෙම සිද්ධියෙන් පසු එම කත වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කළ අවස්‌ථාවේ එම කත දූෂණයට ලක්‌ව ඇති බවත් ඇයට තිබෙන්නේ වසර 5 ක පමණ කුඩා දරුවකුගේ බුද්ධියක්‌ බවත් අනාවරණය වී ඇත.

මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ අධීක්‍ෂණය මත මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උ පොලිස්‌ පරීක්‍ෂක අනුෂිකා මෙනවිය සහ සැරයන් (49241) ජිනදාස යන නිලධාරීහු විමර්ශන කටයුතු

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles