උතුරේ කාන්තාවන්ට ණයට හිලව් ලෙස නිදිවදින්න කතා කරයි… October 3, 2013 Comments Off on උතුරේ කාන්තාවන්ට ණයට හිලව් ලෙස නිදිවදින්න කතා කරයි… 8 Views උතුරේ යුද්ධය අවසන් වීමෙන් අනතුරුව නොයෙක් සංවිධාන විසින් අවතැන් වූ කාන්තාවන්ට ස්වයං රැකියා සදහා ණය ලබා දුන් අතර එම ණය ගෙවා ගැනීමේ අපහසුතාවන්ට මුහුණ පා සිටින කාන්තාවන්ට අදාල ආයතනවල නිලධාරීන් ලිංගික හිරිහැර පමුණු බව වාර්තාවේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා වෙනුවෙන් ණය ලබා දෙන ලීසිං ආයතන ඇතුළු මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනවල නිලධාරීන් මෙසේ ණය ගෙවා ගත නොහැකි කාන්තාවන්ට ලිංගික හිරිහැර කරන බව රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව පවසයි. එම සංවිධානයේ මාසික රැස්වීමේදි මේ කරුණු අනාවණය වී ඇති අතර කාන්තාවන් පවසන පරිදි “මේ නිලධාරීන් සමහර අවස්ථාවල රාත්‍රී දහය තරම් පමා වී නිවෙස්වලට පැමිණෙන තමන්ට බලපෑම් කරන බව පවසන මේ කාන්තාවන්, පවතින වාතාවරණය හේතුවෙන් ණය ලබා ගත් කාන්තාවන් රාත්‍රී කාලයේ නිවසේ රැඳී සිටීමට බිය වී සිටින බවද එම සංවිධානය වැඩිදුරටත් සදහන් කර සිටි. යුද්ධය අවසාන වීමෙන් අනතුරුව රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන තිහකට වැඩි ප්‍රමාණයක් ප්‍රදේශයේ පවතින බවද වාර්තාවේ. Share awesome Don't Miss featured Latest pretty cool slider spotlight 2013-10-03 ceylonradio Share Facebook Twitter Google + Pinterest