Thursday , 22 February 2024

රතන හිමි – බැසිල් රහස් හමුවක්

බිලියන ගණනක මහජන මුදල් සහ දේපල වංචාකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ පසුවන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අතර පැය පහකට අධික කාලයක් පුරා රහස් සාකච්ඡාවක් සිදු වී ඇතැයි වාර්තාවේ. මේ සාකච්ඡාව කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ දී පැවැති බව එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී කඳවුරු දෙකක සිටිමින් කටයුතු කළ මේ දෙදෙනා මේ මොහොතේ සාකච්ඡා කළේ කුමක්ද යන්න පිළිබඳව අද දේශපාලන කතා බහට ලක්වෙමින් තිබෙන අතර පැය පහකට අධික කාලයක් පැවැති සාකච්ඡාව පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...