16 C
London
Thursday, November 13, 2025
spot_img

ජනපති නිල කාලය අඩු කරන්න

-දැනට ජනපති නිල කාලය වසර හයකි. වසර හතරකට ජනපති නිල කාලය අඩු කරන්නැයි පුලතිසිපුර නිලදරු උපහාර උළලේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන යෝජනාවක් ඉදිරිපත් කළේය.
එය වසර පහක් කිරීම පසුව පැවති සාකච්ඡාවේ දී අනුමත විය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩ බාර ගනිමින් පැවසුවේ යළි තමා ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවයි.
රජරට වකුගඩු රෝගයට හේතුව ඇතැම් බහුජාතික සමාගම්වල පොහොර සමඟ ආසනික් වැනි දැඩි හානිකර රසායන එක්වීම බව හෙළඋරුමයේ ලේකම් අතුරලියේ රතන හිමියෝ ගිය රජයට සාධක සහිතව කරුණු ඉදිරිපත් කළහ. එහෙත් අහිතකර පොහොර වර්ග ඉවත් නොකැරිණි.වකුගඩු රෝගීන් 1011 දෙනකුට රුපියල් තුන් දහස බැගින් සහනාධාර බෙදා දීමේ පොළොන්නරුවේ උත්සවයේ දී ජනපති පැවසුවේ බහු ජාතික සමාගම්වල තීන්දු තීරණවලට හිස නොනමා පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කරන බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles