12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා නව තලයකට

-විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා නව තලයකට ගෙන එන බවට ‍තොරතුරු අනාවරණය කරයි. එහි මූලික පියවරක් ලෙස මංගල සමරවීර මහතා මේ මස 12 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා වොෂින්ටන් නුවරදී හමුවන බව පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට ඊයේ (02) පෙරවරුවේ සහභාගි වීමෙනි.

‘‘මෙම මාධ්‍ය හමුවේදී ඊයේ දිනයේ දිවයිනට පැමිණි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල්ද අදහස් දක්වමින් කියා සිටියේ ඇත්තටම ලංකාවට මට එන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ලංකාවේ සිදුවෙලා තියෙන පරිවර්තනය ගැන මුළු ලෝකෙම කතා වෙනවා. ප්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපති ඔබාමා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කළා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මේ දින 100 වැඩපිළිවෙල ගැන ඇමෙරිකාව ඇගයීමට ලක් කරනවා. මොකද ශ්‍රී ලංකා ආණ්ඩුව දැනටමත් ඒ වැඩපිළිවෙලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කරලා ඉවරයි. ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ’’ යනුවෙනි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles