12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ශ්‍රී ලාංකික සරණාගතයින් පිළිබඳ වාර්තාවක්

ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් පිළිබඳ ලිඛිත වාර්තාවක් එරට ප්‍රාන්ත රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ශ්‍රී කිරන් රිජුජු මහතා විසින් ලෝක් සභාවට ඉදිරිපත් කර තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්ත රජයේ දත්ත වාර්තා උපයෝගී කර ගනිමින් එය සකස් කර ඇති බවයි සඳහන් වන්නේ. එම වාර්තාවට අනුව 2014 දෙසැම්බර් පළමු වනදා වන විට සිදු කර ඇති සංගණන තොරතුරු වලට අනුව ශ්‍රී ලාංකික සරණාගතයින් එක් ලක්ෂ දෙදහස් හතර දෙනෙකු මේ වන විට ඉන්දියාවේ පසුවනවා. ඉන් හැටහතර දහස් නවසිය තිස් එක් දෙනෙකු තමිල්නාඩුවේ කඳවුරු 129 ක ජීවත් වන බවයි අදාල වාර්තාවේ සඳහන් වන්නේ. එමෙන්ම තවත් සරණාගතයින් තිස් හත් දහස් හැත්තෑ තුන් දෙනෙකු කඳවුරු වලින් පිටත රැුඳී සිටින අතර සරණාගත කඳවුරු වල පොලීසි වලින් ලබා ගත් අවසරයක් මත ඔවුන් එලෙස ජීවත් වනවා.

ශ්‍රී ලාංකික සරණාගතයින් පිළිබඳ ගැටළුව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඉන්දීය නිල සංචාරය තුළදී ද කතාබහට ලක් වුණා. මෙම ගැටළුවට විසඳුමක් ලෙස ඉන්දියාව තුළ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ඉන්දීය රජය ඔස්සේ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කර යළි මව්රටට යැවීමට පිටත් කර හැරීමේ වැඩපිළිවෙලක් සඳහා යොමු වීමටයි තීරණය කර ඇත්තේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles