හඩ්ඩා පළා යයි; මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ලියුමක් ලියා තබමින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ගොස් ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. හඩ්සන් සමරසිංහ මහතා එම තනතුරට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරි‍කයෙකුව සිටින අතරය. ඔහු පීලිපැනීමට ඉතා දක්ෂයෙකු බව ප්‍රකටව සිටින්නෙකි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව හඩ්සන් සමරසිංහ මහතා රාජපක්ෂ මහතා වෙත ලංවිය. ඉන් පසුව විරුද්ධ පක්ෂයේ සියළුම දෙනාට සහ ආගමික පූජ්‍ය පක්ෂයද මහින්ද රාජපක්ෂ මහතාට එකඟ නොවන්නේනම් ඉතා නින්දිත ආකාරයට බැනවැදීම සඳහා ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් මෙහෙය වීය. ඇතැම් අවස්ථාවල රූපවාහිනී වැඩසටහන්වලටද සහභාගී වෙමින් මෙම පහත් ලක්ෂණ පෙන්වීය. නමුත් රූපවාහිනිය තුළින් එල්ල වූ බලවත් විරෝධය නිසා ඔහුට දිගමට එවැනි වැඩසටහන්වල යෙදීමට නොහැකි විය.
මේ ආකාරයට පාදඩ මාධ්‍ය භාවිතයක නිරතවීමෙන් ඔහුට හඩ්ඩා යන නාමයද පටබැඳී තිබේ.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...