-පාරිභෝගික සේවා අධිකාරිය විසින් තේ එකක මිල රුපියල් 10 ක්‌ද, කිරි තේ එකක මිල රුපියල් 25 ක්‌ද, ආප්පයක මිල රුපියල් 10 ක්‌ද වශයෙන් පාලන මිලක් ක්‍රියාත්මක කරන බව ආපන ශාලා හිමියන් වෙත දැනුම්දී ඇත. ආපන ශාලා හිමියන්ගේ සංගමය සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇති අතර එහිදී ආපන ශාලා හිමියන්ගේ සංගමය අදාළ ඉල්ලීමට එකඟවී තිබේ.



