ඖෂධවලට ප‍්‍රතිරෝධී ආසාදන ඇති කරන ප‍්‍රතිජීවක වලට විකල්පයක් ඇමෙරිකානු වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තිබෙනවා. ඒ නව බැක්ටීරියාවක් නිර්මාණය කිරීමෙන්. එමගින් ප‍්‍රතිජීවක වර්ග 25 ක පමණ කි‍්‍රයාකාරිත්වය සඵල කිරීමට හැකිවනු ඇත. මෙලෙස අතුරු ආබාධ ඇති නොකරන ප‍්‍රතිජීවකයක් සොයා ගැනීම සඳහා පසුගිය දශක 3 තුලදීම පර්යේෂණ සිදුකෙරුණා. ප‍්‍රතිජීවක ඖෂධ වර්ග රැසක් 1950 සහ 1960 දශකවලදී සොයා ගැණුනු අතර 1987 න් පසු එවැනි නව ඖෂධයක් සොයා ගැනුණේ නැහැ. නව සොයා ගැනීම සිදුකර
ඇත්තේ ඇමෙරිකාවේ – බොස්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්.
