Wednesday , 22 January 2025

වී කොල්ලය පුලතිසිපුරෙන් යලි ඇරඹේ. – ගොවියන් කබලෙන් ලිපට වැටුණු බවට මැසිවිලි

-පෞද්ගලික වෙළෙඳුන් විසින් සුපුරුදු වී කොල්ලය යළිත් ආරම්භ කොට ඇතැයි පෙළොන්නරුවේ ගොවීහු තොරතුරු අනාවරණය කරයි. එහිදී නාඩු වර්ගයේ වී කිලෝවක මිල මේ වන විට රුපියල් 28 ක්‌ දක්‌වා පහළ බැස ඇත. වී මිල මෙසේ පහළ බැසීමට හේතුව රජය මගින් එක්‌ ගොවියකුගෙන් මිලදී ගනු ලබන වී ප්‍රමාණය කිලෝ දෙදහසකට සීමා කිරීම නිසා බව ගොවි ජනතාව පෙන්වා දෙයි. රජයේ සහතික මිල යටතේ අලෙවි කරනු ලබන එම වී ප්‍රමාණයෙන් අස්‌වනු කපා, පාගා ගැනීම සඳහා යන වියදම්වත් පියවා ගැනීමට නොහැකි හෙයින් අමතර වී ප්‍රමාණයක්‌ පෞද්ගලික වෙළෙඳුන්ට අඩු මුදලට හෝ විකිණීමට සිදුව ඇතැයි ගොවීහු පැවසන ලදී. මෙවර මාස්‌ කන්නයේ වී අස්‌වැන්නද වෙනදාට වඩා පහළ බැස තිබෙන හෙයින් ලැබී ඇති සුළු අස්‌වනු ප්‍රමාණය හෝ මුදලාලිලාට කුණු කොල්ලයට විකිණීමට සිදු වීමෙන් තමන් කබළෙන් ලිපට වැටුණ බව ගොවීහු පවසා සිටියි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...