Wednesday , 22 January 2025

වී කිලෝව රු. 50 ගන්න වීමෝල් හිමියෝ සුදානම්

-මෙවර මහ කන්නයේ ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී කිලෝව රුපියල් 50 සහ 40 අතර මිලකට මිලදී ගැනීමට ලංකාවෙ සහල් මෝල් හිමියෝ තීරණය කොට අැත. ගාමිණී ජයවික්‍රම පෙරේරා, කරුජයසූරිය ඇමැතිවරුන් දිවයිනේ සහල් මෝල් සංගම් නියෝජිතයින් සමඟ කොළඹ දී පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම සාකච්ඡාවේදී එළඹි තීරණයක් මත කීරි සම්බා වී කිලෝව රුපියල් 50කටත්, සම්බා වී කිලෝව රුපියල් 45ටත්, නාඩු වර්ගයේ වී කිලෝව රුපියල් 40ටත් මිලදී ගැනීමට තීරණය කරනු ලැබ අැත.

ගොවීන්ගෙන් මිලදී ගන්නා වී සහල්‍ කොට සහල් කිලෝව රුපියල් 70 – 80 මිලකට පවත්වාගෙන යාමට සහල් මෝල් සංගම් නියෝජිතවරු මෙහිදී එකඟතාවය පළකර ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා මේ පිළිබඳව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ, දැනට වසා දමා ඇති සහල් මෝල් යළි නගාසිටුවීමට බැංකු මඟින් මූල්‍ය ආධාර ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...