උගන්ඩාවේ සමලිංගිකයන් වෙනුවෙන් රිචඩ් බ්‍රැන්සන් සටනට

සමලිංගික ක්‍රියාකාරකම්වලට එරෙහිව දඬුවම් දැඩි කිරීමේ පනතක් උගන්ඩා පාර්ලිමේන්තුව සම්මත කර ගැනීමෙන් පසුව එරට වර්ජනය කරන්නැයි බ්‍රිතාන්‍ය ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් ව්‍යාපාර ආයතන සහ සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කරයි. උගන්ඩාවට තම හෘද සාක්ෂියට අනුව උදව් උපකාර කළ නොහැකි බවද ව්‍යාපාර අධිරාජ්‍යයකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ඔහුගේ වබේ අඩවියේ සඳහන් කර ඇත.

ඇතැම් සමලිංගික ක්‍රියාකාරකම් සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දෙන්නට උගන්ඩා පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතින් යෝජනා කර තිබේ. කෙසේ වුවද 2009 වසරේ මෙම යෝජනා පිළිබඳ සාකච්ඡා ආරම්භ වූ දා සිට ලෝක නායකයෝ එය විවේචනයට ලක් කළහ. මෙම යෝජනාව පිළිකුල් සහගත බව ඇමෙරිකානු ජනපති බරක් ඔබාමාද සඳහන් කළේ ය.

රිචඩ් බ්‍රැන්සන් උගන්ඩාවේ ආයෝජනය කරන්නට සූදානමින් සිටියද මෙම පනත සම්මත වීමෙන් පසුව උගන්ඩාවට ආධාර නොකරන්නට තීරණයකට පැමිණ තිබේ. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත්තේ සමලිංගික ජනයාට උගන්ඩාව අසාධාරණ ලෙස දඬුවම් පැමිණවීමය. එසේම උගන්ඩාවේ ආයෝජනය නොකරන ලෙස බ්‍රැන්සන් අනෙකුත් ව්‍යාපාර ආයතනවලින්ද ඉල්ලීමක් කරයි.

වර්ජින් සමූහයේ නිර්මාතෘ වන රිචඩ් බ්‍රැන්සන්ට ලොව පුරා ව්‍යාපාර ආයතන 400 කට අධික සංඛ්‍යාවක් ඇත. සංචාර, විනෝදාත්මක කටයුතු සහ සන්නිවේදන ව්‍යාපාර ඒ අතර ප්‍රධානය.

බි.බි.සී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...