19.2 C
London
Monday, May 19, 2025
spot_img

ශ්‍රි ලංකා රග්බි පිල සිවුවැනි ස්ථානයට

-මැලේසියාවේදී පැවැති 2015 වසරේ පළමු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය වන ‘බෝනියෝ සෙවන්ස්’ රග්බි තරගාවලියේදී ශ්‍රි ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්වූ අතර තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (01) පළග කුසලාන අවසන් තරගයේදී ශ්‍රි ලංකා පිල පැපුවා නිව් ගිනියා හමුවේ ලකුණු 7-33 කින් පරාජයට පත්විය. හොං කොං පිල ලකුණු 24-0 කින් ටොන්ගෝ රාජ්‍ය පරාජය කරමින් කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් විය. ආසියානු රග්බි පාපන්දු සංගමයේ සංවිධානයෙන් මෙය පවත්වන ලදී.
අවසන් පූර්ව තරගයේදී ශ්‍රි ලංකා පිල ටොන්ගෝ රාජ්‍ය හමුවේ පරාජයට පත්විය.
දෙවැනි දිනයේ තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 5-0 කින් සිංගප්පූරුව පරාජය කළ අතර හොං කොං හමුවේ 40-0 කින් පරාජයට පත්වූ අතර තරගාවලියේ පළමු දිනයේ තරගවලදී ශ්‍රි ලංකාව ලකුණු 40-0 කින් චීනය පරාජය කළ අතර පැපුවා නිව් ගිනියාව හමුවේ ලකුණු 29-12 කින් පරාජයට පත්විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles